6 වන පරිච්ඡේදය

211 39 2
                                    

💛"  ඒ ශාන්..ශාන්... "

මං පියවි සිහියට පැමිණියේ ශින්ගේ වචනත් එක්කයි.

💛"මොකද උනේ?....  Customer බැන්නද?"

❤"බැන්නනම් කමක් නෑ. මොකක්ද ඒ උනේ කියලා මටවත් හිතාගන්න බෑ. .."

වෙච්ච හැම දේම මම ශින්ට කිව්වා හැබැයි එකක් ඇර...... මම ඒ කස්ටමර් දිහා බලාගෙන හිටිය  විත්තිය නම් කිව්වේ නෑ. කතාව අහපු ශින් කිව්වේ වෙනමම දෙයක්.

💛"හැබැයි එක දෙයක් ඔය මනුස්සයාව මං කොහෙදි හරි දැකලා තියනවා.

❤කොහෙදිද  ශින් ?

💛"මටත් එච්චර මතකයක් නම් නෑ.හැබැයි මොකෙක් හරි තදයෙක්. ලොක්කාගේ නම්බරෙ ඕනි උනේ මොකද ?"

❤"අනේ මන්ද .මටත් හිතාගන්න බෑ.
කොහොමහරි මට මෙතන රස්සාව නැතුව යයිද කියන එකයි මට නම් තියෙන බය".

මගේ තුෂ්ණිම්භූත වීම නැති වූයේ ශින් එක්ක කතා කළ පසුයි.
💛"ඈන් ගෙන් අහන්න එයාව දන්නවද කියලා."

❤"මං අහල බලන්නං. මං හිතන්නේ ඈන් දැන් busy.  කාට හරි කෝල් එකක් දෙනවා."

මටත් නම් ප්‍රශ්න ගොඩක් තියනවා.ඒත් ඉතිං ඒව දැනගන්නේ කොහොමද? මොකද්ද ඒ උනේ? මොකක්ද එයා කිව්වේ?

මගේ ඔලුවේ ප්‍රශ්න වැඩ කරන්න පටන් ගත්තා.මොනවා නැතත් හරිම ලස්සන කෙනෙක්. පොඩ්ඩක් කරුණාවන්තත් වුනා නම්. කොහොමත් ඉතින් හැමදේම හැම කෙනාටම තියෙන්නෙ නෑනේ.මොකක් හරි අඩුපාඩුවක් තියෙන්නෙත් එපෑ.shan උබට පිස්සුද? අන්තිමට මගේ හිත  මගෙන්ම ප්‍රශ්න කරන්න උනා.
මගේ ප්‍රශ්න කිරීම නැවතුනේ table එකට අලුත් කස්ටමර් කෙනෙක් ආව නිසා.

දවසෙ වැඩකටයුතුත් එක්ක ඒ සිද්ධිය මට මග ඇරිල ගියත් සැරින් සැරේට ඒ ඇස් නම් මතක් වෙන එක නතර කරන්න බැරිව ගියා. හෙටත් ඒවිද? අයියෝ මගේ ඔළුව විකාර වෙලා.
ඒවි ඒවි. ඇවිත් හොඳ දෙකක් කියලා යයි. ජොබ් එකත් ගහලා යන විදියටම.

රෑ 7ට ගෙදර යන්න කියලා එළියට බහින්න හදනකොටම
👨ශාන් ඔයාට පොඩ්ඩක් ඉන්න වෙනවා . ❤ඇයි ඒ ?
👨හදිසි මීටින් එකක්.
ෂොප් එක දැන් වහනවා.ඇවිල්ල ඉන්න customer ලව යවනවා.ආපහු එන්න.

💜️ඒ මොන කරදරයක්ද මන්දා

මාත් එක්ක එලියට ආව එළියට ආව චෙන් එහෙම කියාගෙන ඇතුලට ගියා.

කට්ටියම මැනේජර්ගේ රූම් එකට ඇතුල් උනේ හිතේ වූ කුතුහලයත් එක්කයි.

මිස්ටර් ලින් ඒ වන විටත් ඇවිල්ල හිටියේ.

🧓මම ඔයාලා සේරටම හදිස්සියෙන් කැඳවීමක් කළේ අපේ  හායිකුවාන් කොෆි ෂොප් එකෙ owner වන හයිකුවාන් මහත්මයාගේ අවශ්‍යතාවය මතයි. කෙටියෙන්ම කිව්වොත් මෙච්චරයි.

මේ සතියේ සිකුරාදා අපට තියනවා ලොකු වැඩක්.ඒ තමයි අපේ ෂැන්හයි පළාතේ ඉන්න ව්‍යාපාරිකයන්ට රාත්‍රී සාදයක් පැවැත්වෙනවා අපේ හයි කුවන් hotel එකේ. 
ඉතින් මේකට ගොඩාක්  ව්‍යාපාරිකයන් එන නිසා ඒ අයට සලකන්න හොටෙල් එකේ කට්ටිය මදි වෙලා තියෙන්නේ.
ඉතින් ඒක නිසා ඒ දවසට අපේ කොෆී ෂොප් එකෙන් කට්ටිය එතනට යන්න ඕනේ. ලොකු  දෙයක් නෑ කරන්න. මොකද එතන කට්ටිය ඉන්නවා වැඩ කරන්න. හදිස්සියකින් වත් කට්ටිය මදි වුනොත් කියන risk එක ගන්න අවශ්‍ය නැති නිසා තමයි ඔයාලව එතනට යවන්නේ. මොකද අපේ බොස් මේ පළාතේ හොදම ව්‍යාපරිකයා වෙන්න බලාගෙන ඉන්නේ.  ඉතින් කිසිම වැරදීමක් වෙන්න බෑ. 

විශේෂම දේ තමයි මේ උත්සවයට චීනයේ ඉන්න බලවත්ම ව්‍යාපාරිකයා ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට එන්න කැමති වෙලා. 
ඉතිං අපිට සිද්ධ වෙනවා ඉතාම හොඳින් වැඩ රාජකාරි කරන්න. ඒක නිසා සිකුරාද දවසේ කිසිම නිවාඩුවක් අනුමත වෙන්නේ නෑ.කිසිම කෙනෙක් නිවාඩු ගන්න අහන්න  එපා.
අලුතෙන් වැඩට ආව අය හොදින් වැඩ අල්ලගන්න ඉක්මනටම.
මීට වැඩිය කිසිම දෙයක් නෑ මට කියන්න.එදාට සිද්ධ වෙන දේවල් වල shcedule එක  මම ඔයාලට දෙනවා. එකේ විදියට වැඩ කරන්න ඕනේ.
  හරි දැන් සියලු දෙනාටම යන්න පුළුවන්. මොනවාහරි තියෙනවා නම් අහන්න.

හැමෝම පුදුමෙන් මූණින් මූණ බලාගත්තා. 🙄

.

.

.

.


😘😘😘😘😘😘

හුස්මWhere stories live. Discover now