👰 No I need a kiss baby.
එහෙම කියපු එයා එකපාරම මගේ කම්මුලක් kiss කළා.
ඒ එක්කම මට බැලුනේ ශාන් දිහා වෙනකොට එයා කෙලින්ම බලාගෙන හිටියේ මං දිහයි.
....................................
Shan's pov
එයාගේ හාදුවෙන් පස්සේ මගේ සැනසීම නැත්තටම නැති කරලා දාන්න එච්චර වෙලාවක් ගියේ නෑ. fashion show එක ගැනම අවධානයෙන් හිටිය මට මගේ හදවත පාලනය කරගන්න අමාරු වුණා. එයා fashion show එකට ආවේ එයාව බඳින්න ඉන්න අර නපුරු ගෑණු කෙනත් එක්කයි. මුලින්ම ෂෝ එකේදි ස්ටේජ් එක උඩ ඇවිදින්න උන වෙලාවේ මම පොඩ්ඩක්වත් කලබල නොවී ගියේ මං අමාරුවෙන් හදාගත්ත හිතත් එක්කමයි. හැබැයි එයා ඒ ගෑනිත් එක්ක සන්තෝසෙන් කතා කර කර ඉන්නවා දැක්කාම මට ෆැෂන් ෂෝ එකට ඕන දෙයක් වෙච්ච දෙන් කියලා දමල ගහලා යන්නම හිතුනා.
ඒත් මොනවා කරන්නද? මේ මගේ ජීවිතේ හැටි.බලාපොරොත්තු වෙන්නෙ යම් දෙයක්ද ඒක නොලැබී යන එක මට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලයි තිබ්බෙ.
හැබැයි මාව දැකල ඒ දිලිසෙන ඇස් නම් කිව්වෙ වෙනම කතාවක්. හරියට එයාටත් මාත් එක්ක යන්න ඕන වගේ හැඟීමක් තිබ්බෙ එතන. මට එතන කවුරු හිටියත් වැඩක් උනේ නෑ. මට ඕන කෙනා වෙන කෙනෙකුට අයිති වෙලා කියන හැඟීම මාව පිස්සු වට්ටන්න පටන් ගත්තා. එයාගේ ඇස් ඉස්සරහටම ගිහිල්ලා එයාව ගණන් ගන්නේ නැතුව ආවා. මං දන්නෑ මං ඒක කොහොම කලාද කියලා.
දෙවෙනි ඇඳුමට තිබ්බ costume එක change කරද්දි ඒකෙ designer madam මට කිව්වේ තරහ ගිය පෙනුමක් ඕනි කියල. training කරන වෙලාවෙනම් ඒගොල්ලෝ මට කිව්වේ මගේ අහිංසක පෙනුම අයින් කරන්න කියලා. ඒත් එවෙලනම් මට අමුතුවෙන් නපුරු මූණක් දාන්න දෙයක් තිබ්බේ නෑ. මොකද අර ගෑනිව දැක්ක වෙලේ ඉදන් මගේ හිතට දුකක් වගේම ලොකු තරහක් ඇතිවෙලයි තිබ්බේ. මං හිතන්නේ මගේ දෙවැනි ඇඳුම වගේම තුන්වෙනි ඇඳුමටත් මගේ පෙනුමත් හැඟීමුත් හොඳටම ගැලපුනා. මං ස්ටේජ් එකට යන හැම වෙලාවකම ඕඩියන්ස් එකෙන් කිසිම සද්දයක් ආවේ නෑ. මටත් පුදුම් හිතුණ ඒකට නම්. අන්තිම ඇදුමට නම් ලස්සනට හිනා වෙන්න පුළුවන් විදිහට යන්න ඕනි උනත් මගේ මානසික මට්ටම අන්තිම සවුත්තු වෙලයි තිබ්බෙ. ඒත් මවාගත්ත හිනාවක් එක්කම එයා දිහා නොබලම ආව මට ආයෙ මුල් ඇදුමට මාරු වෙන්නත් සිද්ධ වුණා.