5 වන පරිච්ඡේදය

234 46 4
                                    

උදේ ඉදන්ම මගේ tables වලට කවුරුත් ආවේ නැති නිසා මං  පාර දිහාම බලාගෙන හිටියා. කට්ටිය හනි හනිකෙ වැඩ. අද ටිකක් සීතල දවසක් නිසා කෝපි ඇණවුම් ගොඩයි.
උදේ 7.10ට පාරේ ලොකු කලබලයක් . ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා තමයි ඈන් කිව්වේ. මං තවත් මිනිත්තු 5ක් විතර coffee shop එකේ දොර දිහාම බලාගෙන උන්නා.
ඈතින් හුළගත් එක්කම ආව සීතලක් මගේ ඇගේ වදිනවත් එක්කම කළු full suit එකක් ඇදගත්ත දැක්ක පමණින්ම මිල අධික යැයි කිව හැකි දිලිසෙන්නම ඔප වැටුණු සපත්තු පැළදි තරුණ මහත්මයෙක් coffee shop එකට ඇතුළු උනේ මගේ හිතේ නුහුරු තිගැස්මක් ඇති කරමිනි.

ඇතුලු වූ සැනින්ම කෙළවර  ජනේලේ දෙසට ඇවිද ගිය ඔහු මගේ මේසයේ අසුන්  ගත්තේය.  තත්පර කීපයක් යනකන්ම මං ගල් ගැසී ගිය සෙයක් දැනුණි.

ශාන් යමං එතනට. ශාන් යමං. ශාන්. ... හිත කීවත්. තාමත් මට කකුල් දෙක ඒ පැත්තට යැවෙන්නේ නෑ  . ආව කෙනා මං ඉන්න පැත්තට හැරුණා. ඕඩර් කරන්න වෙන්න ඇති. අන්තිමට ඈන්  මට කතා කල නිසා මෙලෝ සිහියට ආවා.

ශාන් ඔයාට customer කෙනෙක්. ....

ඒත් එක්කම මං ඒ table එක දිහාවට ඇවිදන් ගියා. මං table එකට ළං වෙද්දිම මාරම සුවදක් මගෙ නහය අල්ල ගත්තා. මට මොකද මේ වෙන්නේ? මටම හිතා ගන්න බෑ.
අහන්න ඕනි දේත් අමතක වෙන්න ගියේ මොහොතයි. විස්වාස කරන්න පුලුවන්ද මේ ලෝකෙ ඉන්න ලස්සනම පිරිමියයි මේ ලෝකේ ඉන්න අහංකාරම මනුස්සයයි එකතු උනාම හැදෙන රූපෙ? ඔව්. මං හරි. ඇස් වලට කතා කරන්න පුලුවන් උනා නම් කෑ ගහයි. ඒ තරම් එයා කඩවසම්. කොටින්ම මගේ වටේ තියන ඔක්කොම නිශ්ශබ්ද උනා එයා මං දිහා බලද්දි.  

සර් මෙනු එක.
මං මගේ ගැහෙන අත් වලින් එයාට මෙනු කර්ඩ් එක දුන්නා. මාර ඇස් දෙකක්. කෙනෙක් දිහා බැලුවම ඒ කෙනා ඉපදුන දවසෙ ඉදන්ම කරපු වැරදි වැඩ මතක් වෙලා බය වෙන්නේ අන්න ඒ වගේ බය වීමක් දැනෙන්නෙ. ඒත් ඒ ඇස් මාරම ලස්සනයි. මං දිහා බැලුවේ මාව  විනිවිද පේනවා වගේ බැල්මක්. එක එල්ලෙම මිනිත්තු බාගයක් වගේ බලන් හිටිය එයා මෙනු එක බලන්න ගත්තා.
  Black coffee එකක්.

ආයෙ වෙන මොනවද ඕනි කියලා අහන්න දෙයක් නෑ. එච්චර තමා ඕනි. කියලා එක බැල්මෙන්ම කියලා දැම්මා.

මේක නම් ice කන්දක් ද කොහෙද. හිනාවක් ගෑවිලාවත් නෑ.

මං දෙන්න පුලුවන් ලස්සනම හිනාව එයාට දීලා order එක ගෙනියන්න ආවා.

Black coffee එක රෙඩි වෙනකම් මගේ ඇස් ගියේ ඒ table එක දිහාවටමයි.

ශාන් මොකෝ මේ ....? මගෙ හිතම මගෙන් අහනවා.

මං ඇසි පිය නොහෙලා ඒ ඉටි රූපෙ දිහා බලන් හිටියා එක අතක් මේසෙ උඩ තියන් අනිත් අත කලව උඩ තිබ්බ phone එක මිරිකන් උන්නා. ඇස් දෙක තිබ්බෙම වැහි අදුරත් එක්ක තිබ්බ පරිසරය දිහාවට. ඒක හරියට ලස්සන චිත්‍රයක් වගේ. දෙයියනේ මට මොන මෝහනයක්ද කලේ?  තේරුම් ගන්න බැරි හැගීම් ගොන්නක්ම මගේ හිතේ ඇති උනා. එක පාරම ඒ ඇස් ඇවිත් මගෙ මූණෙ නතර උනා.  මට කරගන්න දෙයක් නැතුව මං ඈන් හිටිය පැත්ත බැලුවා.
ශැහ්.. වැඩේ මාට්ටුනේ ඉතින්.
මං අමාරුවෙන් උනත් ඒ පැත්ත නොබලා හිටියා.
ශාන් ඔයාගෙ  Black coffee එක ready.
Kitchen එකෙන් පණිවිඩේ ලැබුණත් හරි
මං coffee එක අරන් හරි පරිස්සමට ගියා.
හෙමිහිට table එකට තිබ්බා.
මං ඔලුව ඉස්සුවෙ නෑ.

Coffee එක බොන්න ගත්තේ නෑ. බලන් ඉන්නවා. ඒත් ඇයි? මං ඔළුව ඉස්සුවා.

Shop එකේ owner ගෙ visiting crd එක ඕනි මට මේ දැන්ම.
ඒක තනිකරම අණක්.
මං හිතන්නේ මං ගියා නෙමෙයි පියෑඹුවා.

මොකක්ද එයා කරන්න හදන්නේ? මං එයා දිහා බපන් උන්නා කියලා complain කරන්නද යන්නේ?

Shop owrnerගෙ visiting card එකක් මගෙ customer කෙනෙක් ඉල්ලනවා. මං ශින්ට කිව්වා.

ඉන්න. අර manager table එකේ තියනවා. ඒකෙන් ගන්න.

ගැහෙන හිතත් අරන් card එක අතට ගත්ත මං පාවෙනවා වගේ ගියේ ඇත්තටම හිතේ ඇති වුණු පීඩනේට.

කකුලක් පිට කකුලක් දාගෙන හරිම අහංකාරෙට හිටිය  මගෙ customer මං ළගට ගියාම මගෙ අතින් visiting card එක උදුරගත්තෙ හිතන්නවත් බැරි විදිහකට. එහෙම කරපු එයා යන්න නැගිට්ටා. බිල් එක එතකොට?????
එයා යන්න ගියා මාව පහුකරන්. මගෙ මූණවත් බැලුවෙ නෑ. ඒත් එක පාරම හැරුණා.

'මේ සතිය ඇතුළත අස් වෙන්න බෑ. නිවාඩු බෑ . දිගටම වැඩ.... '

මං බලාන උන්නා.මට කනේ පාරක් ගැහුවා වගේ.  මට අණ කලා නේද? මට එන customers ලා. ..
🙄

.
.
.


ඉස්සරහට ලස්සනයි. ඉවසීමෙන් කියවන්නකෝ.....
🤗🤗😘😘😘😘😘

හුස්මWhere stories live. Discover now