13 වන පරිච්ඡේදය

212 41 13
                                    

එක පාරටම මගෙ ඔළුවට ආවෙ ශින්ව. මං කකා හිටියා.   අරෙහෙ ශින් මගේ පලු අරිනව ඇති.

❤ සර් මම දැන් යන්න ද?
ගොඩක් වෙලා එතනට වෙලා හිටියෙ නිසා මං යන්න ඇහුවා.

💚 එපා.

❤ හෑ.. 😯

මම එක තැන ම නතර වුණා කිව්වොත් හරි.

අනේ මට ඉන්න නම් බෑ මෙතන.  මං මෙච්චර වෙලා හිටියෙ ගොඩක් අපහසුතාවයෙන්. ඒක නම් මගේ හිතේ අවුලක් කියමුකො.  දැන් ඉතින් දහසක් සිතුවිලි මැවෙනවා ඔලුව ඇතුලෙ.

❤ මට යන්න ඕනේ..... අනේ... සර්

💚බැහැ. එපා.

❤ ඒත්?

💚 මොකක්ද ඒත්?

❤ මං වැඩ කර කරනේ හිටියේ.

💚 ඉතින්?

❤ මෙතන ඉන්න බෑ සර්. මං යන්න ඕනි වැඩ කරන්න.

දැන් ඔන්න මට තරහ යා ගෙන එන්නේ.

💚 වැඩ කරන්න ඔච්චරම ආස ද?

❤ ඔව්.
මට දැන් යන්න ඕනේ. එච්චරයි මට ඕනේ.ඒක නිසයි ඔව් කිව්වේ.

💚 එහෙනම් මං වැඩක් දෙන්නම් කරන්න.

❤ හෑ...😯
එයා මගේ මූන  දිහා බලන් හිටියා.

💚 ශාන්

❤ සර්?

💚 හෑ...කියල කිව්වට පස්සේ කට අරින එක හිතලා කරන දෙයක් ද?

තාමත් කට ඇරගෙන හිටපු මං ඉක්මනට කට වහ ගත්ත.

මොනව අහනවා ද මංදා...

❤ මං දන්නේ නෑ.

💚 ඒක කරන්න එපා.

❤ හෑ..😯

💚 මං කිව්වා දැන්.

මං ඉක්මනට කට වහගත්තා.

ඉන්න. ඇයි මං එයා කියන දේ අහන්න ඕනේ.  මේක මගේ කට නේ. මට ඕනා නම් අරිනවා මට ඕන  නම් වහනවා. මට ඕන නම් ඇරගෙනම ඉන්නවා.හරි wedding එකක් උනානේ මේක.

එයා කෝටිපතියෙක් වුණා කියලා මං එයාගෙන් කාල ඇඳලා ඉන්නේ නෑනේ.
මේකයි එයා දුන්න  tip එකෙන් පොඩි ගානක් නම් මගේ අතින් වියදම් උනා. ඒත් ඉතින් මෙහෙම නීති දාන්න බෑනේ.
මොකද අන්තර්ජාතික වශයෙන් මං ස්වාධීන යි.
හෑ කියලා කට අරින එක මගේ ප්‍රජාතාන්ත්‍රික නිදහස් භාවය.  ජාත්‍යන්තර ස්වෛරීත්වය.

හුස්මWhere stories live. Discover now