16 වන පරිච්ඡේදය

192 41 21
                                    

මම පුදුම වුණා. කොහොමද එහෙම වෙන්නේ? එයා කොහොමද ගිය සතියෙ ඉඳන් මේ සතියේ වෙන දෙයක් ගැන කියන්නේ? මට දිගටම හිතුණෙ ඒ ගැන.

අද අපිට  උදේ කෑම, දවල් කෑම ෂොප් එකෙන්ම හම්බවෙනවා. එදා පාර්ටි එක සාර්ථක වුණ එකට අපි  හැමෝටම ලැබුණු තෑග්ගක් ඒක.

ඒත් ඒ දවස මතක් වෙද්දි මට ඒ සතුට විදින්න බැරි වෙනවා. මොකද මට ඒ රූපෙ අමතක කරන්න ඕනි.  මට ඕනෙ වුනේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව දිගටම වැඩ කරන්න. එතකොට හිතන්න වෙලාවක් නෑනේ. වැඩක් නොකරන හැම වෙලාවකම මට නොතේරෙන මහා දුකක් මගේ හිතේ ඇතුළෙ ඇවිලෙන්න ගත්තා. ඒක නිසා මම ගොඩක් අයගෙ ටේබල් වලට ගිහිල්ලා ඒවා clean කළා.
ශින්ට ඇරෙන්න සියලු දෙනාටම මගේ වෙනස තේරුම් ගන්න බැරුව ගියා. 

🧡ශාන් මොකද වෙලා තියෙන්නේ?

❤මොකුත් නෑ.  ඇයි  ශින් ?

🧡 නෑ එදා සිද්ධියෙන් පස්සේ උඹ හරි වෙනස්.

❤ නෑ ශින් . ඒ ඔයාට පේන හැටි.

🧡 හා. හාකෝ.

🧡 මේ ඒක නෙවෙයි . මිස්ටර් වන්ග් අපේ coffe shop එකට ඇවිල්ල තියෙනවා නේද?

❤ හ්ම්ම්.

🧡 එදා උඹ ද serve කරේ එයාට?

❤ ඔව්.

🧡 අහ්. ඒක තමයි.

❤ මොකක්ද ඒක තමයි?

🧡 එදා හෝටලේ දී උඹව එක්කගෙන ගියේ. අනිත් එක තමයි මට plate ගන්න බෑ කියල කිව්ව එක. මිනිහට ඕන වුණා උඹව ලඟට ගෙන්න ගන්න. ඒක නිසයි මට ප්ලේට් එක ගන්න දුන්නේ නැත්තේ.
මං හිතන්නේ මිනිහගෙ ආරක්ෂාවට තර්ජනයක් නොවන විදියට ගෙනියන්න කෙනෙක් ඕන වෙන්න ඇති.  නැත්තං වේටර් කෙනෙක්ව එක්ක යන්නේ නෑනේ. මගේ මොලයටත් තේරෙන්නේ නැති මාර දේවල් තියෙනවා.

❤ හ්ම්ම්.

🧡 හැබැයි මම හිතුවේ වෙන දෙයක්.

❤ මොකද්ද?

🧡 මං හිතුවෙ හයිකුවාන් සර් උබව වික්කා කියලා.

❤ මොකක්????😧

🧡 ඔවු. මිස්ටර් වන්ග් කියන්නේ සල්ලි තියන කෙනෙක් නේ.  ඌ උබට ආස වුණාද  කියලා මට හිතුණා. සල්ලි කාරයො එහෙමනේ බන්. ලස්සනට දෙයක් දැක්කාම ආස වෙනවා. උබව දැක්කාම කොහොමත් කට්ටිය ගිලින්න හදනවානේ.

හුස්මWaar verhalen tot leven komen. Ontdek het nu