14 වන පරිච්ඡේදය

207 40 6
                                    

ඔන්න ඉතින් පාටිය කිසිම කරදරයක් නැතුව ඉවර වුනා. 12.30 වෙද්දි ගොඩක් අමුත්තන් යන්න ගියා .  තවත් පිරිසක් හෝටලයේ නවාතැන් ගත්තා.අපි හෙමීට dish ටික එකතු කර ගත්තා. වැඩ ඉවර වෙද්දි පාන්දර දෙකයි.

හයිකුවාන් මහත්තයා Kitchen එකට ඇවිත් හැමෝටම ප්‍රශංසා කළා. ස්තුති කළා.

මමයි, ශිනුයි  , චෙනුයි කාමර වලට ආවේ wash එකක් දාගෙන ඇඳට වැටිලා නිදාගන්න. අනිත් දෙන්න wash දාගන්නකම් මං ඇඳෙන් ඇලවුනා.

අද දවස හරිම පුදුමයි. උදේ නං  හරිම සාමාන්‍ය විදියට ගෙවුණෙ. රෑ තමයි සේරම කණපිට පෙරලුනේ.
මං මෙච්චර දවස් දකින්න ආසාවෙන් බලන් හිටපු රූපෙ අද දැක්කා. හිතට ගොඩාක් සතුටු හිතුනා.  ඒත් ඒ සතුටට වැඩිය ආයුශ තිබ්බෙ නෑ නේ.  මොකද එයා චීනයේ බලවත්ම ව්‍යාපාරිකයා නං මට ආයේ එයාව අහම්බෙන්වත් හම්බ වෙන්නේ නෑ.
එයා කට්ටියත් එක්ක ආව හැටි,  මන් දිහා බලපු හැටි, ප්ලේට් එක ගන්න නොදී  කෑ ගැහුව හැටි, මාත් එක්ක ගිහින් හොටෙල් එක බලපු හැටි, දිය ඇල්ල ලඟ හිටපු හැටි, room එකට ගිය හැටි, නාගෙන ආව විදිය, කෑම කෑව විදිය, serviyat එකෙන් birthmark එක පිස්ස හැටි ඔය සේරම මට මැවෙන්න ගත්තා. 
හ්ම්ම්ම්... මං සුසුමක් හෙලුවා.

අපි ආශ්‍රය කරන්න ඕනේ අපිට ගැලපෙන මිනිස්සුන් ව. එහෙම තමයි ආච්චි මට කියා දීලා තිබ්බේ.

දන්නෙම නැතුව කාමරේ තිබ්බ ජනේලෙ ගාවට ගියා. මං ඉන්න තැනට ඒ රූම් එක පේනවා. නිදිද???

හ්ම්ම්...

හොදට නිදාගන්න. මට එහෙම කිය වුණා.

වෙනදා හිතේ තිබ්බේ නැති බරක් අද මගේ හිතේ තියනවා.

ඇස් දෙක පියාගෙන කල්පනා කරන අතරේ ඒ රූපෙම පේනවා.

මම සාක්කුවෙන් ඇදලා ගත්තා ඒ කඩදාසිය.
ඒ සුවඳමයි ඒ කාඩ් එකෙනුත් එන්නේ.

වන්ග් ඊබෝ..

මම button phone එක අරගෙන ඒ නම්බර් එක ගහන්න හදනකොටම,

🧡 ශාන් හෝදගෙන වරෙන්.

❤ අහ් හරි.
ෆෝන් එක සාක්කුවට ඔබාගෙන මං bathroom එකට ගියා.

ඊළඟ දවස උදා වුණ හැටි වත් ඊට පස්සේ නම් මතක නැහැ.
මං ජනේලෙන් එයා ඉන්න තැන බැලුවත් guards ලා හිටියේ නෑ. එයා යන්න ඇති. කොච්චර හිත හදාගත්තත් ඒ රූප ආයෙ ම දකින්න මගේ හිත ආශා කළා.

හුස්මWhere stories live. Discover now