23 වන පරිච්ඡේදය

197 33 14
                                    

💂 හෙලෝ ශාන්.

❤ හෙලෝ අයියේ..

💂 මං හොස්පිටල් එකට ආවා. මිස්ටර් වන්ග්ව දැන් ward එකට දැම්මා.

❤ එයාට මොකක් වෙලාද?

💂වෙඩි වැදිලා.

❤ අනේ...

💂ඔය ඉතිං ඔයා කලබල වෙන්න එපා. උරහිසට වැදිලා තියෙන්නේ. උන්ඩෙ ඇතුලට ගිහිල්ලා නෑ. දැන් හරිනෙ. තව ටිකකින් සිහිය එයි.
මොනා උනත් ඔයා මෙහෙනං එන්න එපා. මිස්ටර් වන්ග්ගෙ ෆියොන්සෙ ඉන්නවා.

❤ තැන්ක්යූ අයියේ පණිවිඩය කිව්වට.

💂හා හරි. ඔයා දැන් කාල නිදා ගන්න.

❤ හා.

රයන් අයියාගේ කෝල් එක නිසා හිත ඇතුලෙ තිබ්බ ගින්න ටිකක් අඩු වුණා. කොහොම උනත් මට යන්න හම්බෙන්නෑ එයාව බලන්න. අපි අතර තියෙන පරතරය දැන් හොඳටම පේන්න ගත්තා. කමක් නෑ. ඔයාව මුණ ගැහිච්ච එකම මට ඇති.

ඈත අහස දිහා බලාගෙන මං හිතෙන් මිමිනුවේ එක දෙයයි. ඉක්මනට සනීප වෙන්න මිස්ටර් වන්ග්.

ඉන්පස්සේ මම ශින් ට කෝල් එකක් ගත්තා. වෙච්ච දේවල් ශින්ට කියලා ඉවර වෙලා අද වැඩට එන්න නෑ කියලා කිව්වා.

ආච්චා ටීවී එක ළග වාඩි වුණේ වෙනද වගේම නිවුස් බලන්න. මිස්ටර් වන්ගේ අතුරුදහන් වීම ගැන යද්දි ආච්චා නිවුස් බලන එකත් නැවැත්තුවා. ටීවී එක වහන්න කලින් තිරයේ දිස් වුනු එයාගෙ රූපය දිහා මං  බලන් හිටියා.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







වසන්තයේ පිපි සුවඳ මලකට
අලුයමේ හිරු ලංවෙලා
රිදෙන්නෑ මගෙ දෙනෙත් කිසිවිට
ඔබ නෙතේ රසඳුන වෙලා
දැනෙන්නෑ මට විඩා කිසිවිට
පවන වී ඔබ ලංවෙලා
දැනෙන්නේ මට දුකක් පමණයි
මන්ද ඔබ ලඟ නැති නිසා

හුස්මWhere stories live. Discover now