41 වන පරිච්ඡේදය

174 31 21
                                    

කමක් නෑ මම නිසා එයාට ප්‍රශ්නයක් ඇතිවෙන්නෑනේ. එච්චරයි මට ඕන.

💂 ඔයාට හමුවන චෙක් බුක් එක ඔයා හොඳට පාවිච්චි කරන්න. මොකද ඔයාට නීතිමය පැත්තෙන් ගියත් අන්තිමට ලැබෙන්නේ මුදල් ආධාරයක්. හැබැයි ඒකත් ලිමිට් එකක් ඇතුව. ඒක නිසා මිස්ටර් වන්ග් කලින්ම නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. එයා ඔයාට ඕන අසාධාරණයට price less gift එකක් දීලා තියෙනවා. මට කියන්න නම් ලෑස්ති වෙන්න එපා ඔයා ඒක පාවිච්චි කරන්නේ නෑ කියලා.

❤ මම දැනටමත් ඒක පාවිච්චි කරා.

💂 මොකක්?

❤ මට එයාලගේ ගෙදර ඉඳන් කැබ් එකේ එන්න සල්ලි තිබ්බෙ නෑ. මං කාඩ් එකෙන් පේමන්ට් එක කළා. හැබැයි මං කන්න නැතුව මලත් ආයේ කාඩ් එකවත් චෙක් වත් පාවිච්චි කරන්නෙ නෑ. අයියෙ පිළිගන්න මං එයාව සදහටම අමතක කරලා දානවා.

........................................................................

At Wang's Palace

කාමරේ ඇති සියලු දේ කුඩු පට්ටම් වී ඇති  අතර සේවකයන් කිසිම අයෙක් මිස්ටර් වන්ග් සිටින මහලට නැග්ගේ නැත. කයිරෝ පමණක් පිස්සුවෙන් මෙන් කාමරයේ ඇති දේවල් කඩා බිද දමන මිස්ටර් වන්ග් දෙස බලා සිටියි. මිස්ටර් වන්ග් යක්ශාරූඪ වී සිටියි.

ඇයි මේ මගෙ ඔළුව විකාර වෙලා තියෙන්නේ?

මට ඒ හවස්වරුව ඔළුවෙන් අයින් කරන්න බෑ.  එයාට ආස හිතෙනවා. තව තව ළං වෙන්න හිතෙනවා. එයා කොච්චර අහිංකසකද ? ඒ වගේම එයා හරිම ආදණීයයි. මං එයාව කිස් කළේ පිස්සුවෙන් වගේ. මං හිතුවේ අපි අතර ඒ දේ සිද්ධ වුණාට පස්සේ කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නෑ කියලා. ඒත් මං දැනගෙන හිටියා එයා විශේෂයි කියලා. මොකද මං අනිත් අයට වගේ එයාට සැලකුවේ නෑ. කෙල්ලොත් එක්ක ඇදට යද්දි මට කිසිම ෆීලින් එකක් එන්නේ නෑ. මොකද මං දන්නවනේ උන් කීයටවත් වර්ජින්ලා නෙමෙයි කියලා. ඒ වගේම උන් අහිංසකත් නෑ. ඒක හින්දද මේ තරම් මට ශානුව ඔළුවෙන් අයින් කරගන්න බැරි.

මම එයාව දාලා මෙහෙට ආවෙත් එයා ගෙදරින් යන එක මට බලන්න බැරි නිසා. පිස්සු වගේ. එයා මං ගාව නෑ කියලා දැනෙද්දි මගේ ඔලුව විකාර වෙනවා.ඔයා කාටවත් අයිති වෙන්නේ නෑ. මං කාටවත් අයිති වෙන්න දෙන්නෙත් නෑ. මගේ ෂානු ඔයා මගේම විතරයි.

හුස්මWhere stories live. Discover now