7 වන පරිච්ඡේදය

227 40 5
                                    

👨හරි. ප්‍රශ්න මොකුත් නෑ වගේ. එහෙනම් දැන් හැමෝටම යන්න පුලුවන්.

මමයි, ශිනුයි නැගිට්ටා.  ආච්චා මං එනකම් බලන් ඉන්න නිසා ඉක්මනට යන්න හැදුවත් ඈන් කතා කළ නිසා නැවතුනා.

💛 ඒයි බනියෝ ...මේ ඔයාට අද මාර වාසියක් වෙලා නේද?
මං හිනා වුණා.

🧡ඒකනේ. Tip එක විතරක්  යුවාන් 480ක්.

❤ මං නම් හිතන්නේ වැරදීමක් වෙන්න ඇති ඒ මනුස්සයට. මං කෝකටත් ඒ සල්ලි වියදම් කරන්නේ නෑ.

💛 පිස්සුද බනියෝ🙄. ඒක නම් කීයටවත් වැරදීමක් නෙමෙයි . හොද customersලා එහෙම තමයි.

එහෙම කියලා ඈන් ඇහැක් ගහලා ශින් එක්ක හිනා වුණා.

❤ඔව්. වෙන්නත් ඇති . අනේ මන්දා.

මගේ හිත පිනුම් ගහන්න වගේ දගලනවා.  මොකද දවල් ආව අර ලස්සන customer යන්න ගිහින් තිබ්බේ මගේ table එකේ යුවාන් 500ක් තියලා. මං table එක අස් කලත් මං ඒක දැක්කෙ නෑ. මං හිතුවෙ බිල් එක pay නොකර ගියා කියලා. ශින් තමයි පෙන්නුවෙ සර්වියට් එක යටින් බාගෙට පේන්න  තියලා ගිහින් තිබ්බ නෝට්ටුව. ඊට පස්සෙ ඉතින් කට්ටියට ඒක තමා news එක.

මෙච්චර කාලෙකට coffee shop එකේ කෙනෙකුට tip එක විදිහට හම්බ වෙලා තිබුන ලොකුම මුදල යුවාන් 200යි. ඒකත් foreigner කෙනෙක්ගෙන් කියලා ආන්ටි ලෝරා කිව්වා. (කිචන් එකේ වැඩ කරන කෙනෙක්)

අලුතෙන් ආව මට එච්චර මුදලක් හම්බුන එක වාසනාවක් කියලා කට්ටියම කිව්වත් මං කිව්වෙම ඒක වැරදීමක් කියලා.  ඒත් හිත නම් කිව්වේ වෙනම දෙයක්. සතුට කියලා නිම කරන්න බෑ. මොකද මං හොදට වැඩේ කල නිසානෙ ඉතුරු සල්ලි ගන්නෙ නැතුවම ගියේ. ඒත්.... අනේ මන්දා. 

❤ඈන් ඔයා ඒ customerව දන්නවාද?

💛නෑ. මීට කලින් නම් ඇවිත් නෑ. මොකද එච්චර හැන්ඩියෙක් ආවා නම් මට අමතක වෙන්නේ නෑනේ. 😂😂

❤හ්ම්ම්ම්.. මං දැන් යන්නම්. රෑ උනා. එහෙනම් සයොනාරා..

මං එහෙම කියාගෙන ආවේ මට දැනුනු සතුට ගෙදර යනකල්ම සැනසිල්ලේ විදගන්න ඕනි නිසා.
බස් එකේ එන අතරමගටත් ඒ ඇස් මැවි මැවී පේන්න ගත්තා. 💓

හුස්මWhere stories live. Discover now