56 වන පරිච්ඡේදය

115 28 17
                                    

මං ඉකි ගගහා හයියෙන් අඬුවා. මොකද මං කයිරෝ අංකල්ට හරිම ආදරෙයි.මේ වෙලාවේ මට එයාටවත් එයාට මටවත් උදව් කරන්න බැරි බව මගේ මෝඩ මොළේට තේරුම් යන්න ගත්තා. තාම ගෙදර තියෙන බඩු කැඩිල්ල ඉවරයක් වුණේ නෑ. එයාට හොඳටම කේන්ති ගිහිල්ලා. මොනවා කරන්නත් එයාගේ මේ කේන්තිය ඉස්සෙල්ලා පාලනය කරන්න වෙනවා. ඒත් මට කිසිම දෙයක් කරන්න බෑ නැගිටින්නත් බැහැනේ. එයා අතට අහුවෙන හැමදේම පොලේ ගැහුවා. එක පාරක් මන් දිහා බලද්දි එයාගේ ඇස් රතු වේගෙන ආවා. දෙවියනේ....

කයිරෝ අංකල් හිටියනම් ඉන්ජෙක්ෂන් එකවත් ගහන්න තිබ්බා.

මගේ ඇඟේ ස්නායු නහරවැල් පවා වේදනාවෙන් ඇඹරෙද්දී මම ඇදෙන් බිමට අඩිය තිබ්බා. මොකද අර බොඩිගාඩ්ලා ටික දැන් අනිවාර්යෙන්ම කයිරෝ අන්කල්ව ගේනවා. මෙයා මේ තත්ත්වයෙන් හිටියොත් එයා අනිවාර්යෙන්ම කයිරො අන්කල්ව මරනවා. ඒක නිසා අමාරුවෙන් උනත් මට සිද්ධ වෙනවා එයාගේ කේන්තිය පාලනය කරන්න. මං එයා ළඟට ගිහිල්ලා එයාගේ පිටිපස්සෙන් එයාව බදාගත්තා. ඒත් මං හිතුවත් නැති තරම් දෙයක් තමයි සිද්ධ වුණේ. මොකද එයා තරහ ගිය පාර මාව ඇදලා අරගෙන විසි කළා. ඇත්තටම එයා හිටිය කන්ට්‍රෝල් එකෙන් ගිලිහිලා. මාව ගිහින් විසිවෙලා වැටුනේ එයා කඩලා දාපු පුටුවක් උඩට වෙනකොට මගෙ අත තුවාල උනා. වගේම මගේ වේදනාව පස් ගුණයකින් විතර වැඩි වුණා.

💚ශානු....

එයා එහෙම ඇදලා අරන් විසි කලේ මාව කියලා දැනුණාම එයා වැටිලා ඉන්න මං දිහා බැලුවා වගේම මගේ අතෙන් වැටෙන ලේ එයාගෙ තරහෙන් පුපුරන ඇස් වල පාට වෙනස් කළා. ඔව් මං හිතන්නේ එයා පාලනය වුණා. ඒ තත්පර ගානත් එක්ක මගේ නම එයාගේ කටින් කියවෙද්දි මං වැටිලා ඉන්න තැනට එයා  හරිම ඉක්මනින් ආවා.

💚 ශානු... ශානු

එයා හොඳටම කලබල වෙලා මගේ නම කියලා කෑගහද්දි මං එයා දිහා බලාගෙන හිටියා. මොකද කතා කරන්නත් බැරි තරමට මගේ ඇඟම ඇඳුම් කනවා.

එයා මාව හොලව හොලව කතා කරනවා. එයාට මොකක්ද කරන්න ඕනේ කියලා මතක නෑ.  එයා හොලවන හොල වන පාරක් ගානෙ මගේ අතේ ලේ විසි වෙනවා. ඒ වගේම මගේ ඇඟේ වේදනාව දෙගුණ වෙනවා. ඒක නිසා බැරිම තැන මමම කතා කළා.

හුස්මWhere stories live. Discover now