34 වන පරිච්ඡේදය

186 29 17
                                    

💚 උබ ලගින් ආශ්‍රය කරපු සේරම මරන්නද එහෙනම්?

එයා වියරුවෙන් වගේ කියද්දි මට ඉකි ගැහුනා.

❤ එපා. ඔයා කාව මැරුවත් එයා ඉන්නවා.

💚 කවුද ඌ?

❤ එයා ඉන්නවා. ඔයා කාව මැරුවත්.

💚 කොහෙද?

❤ මෙතන.

මං මගෙ පපුවෙ හදවත තියන තැන පෙන්නුවා.

මං හිතන්නේ එයාට රිදෙන නිලයම මං ඇල්ලුවා.



........................................................................

💚එහෙනම් මං උඹගෙ හදවත අරන් වෙන හදවතක් දානවා.

මං හිතුවෙවත් නැති දෙයක් එයාගේ කටින් පිටවුණා.
එයා ඇයි මෙච්චර දරුණු?

එයා එක එල්ලෙම  මං දිහා බලාගෙන ඉන්නවා.

ඒක හරිම භයානක නිශ්ශබ්දතාවයක් .  ඇත්තටම මට නං එවෙලේ හිතුනේ මේ මනුස්සයා මගේ හදවත ගලවලම ගනී කියලා.

එයා අත ළඟ තිබ්බ මල් පෝච්චිය අරන් පොලේ ගැහුවා.

අද නම් මං ඉවරයි.

මෙයා බෙල්ල දෙපැත්තට කැඩුවේ හරියට බොක්ෂින් ශූරයෙක් වගේ. බෙල්ලෙන් සද්දයක් ආවද මන්දා.  මං මගෙ අත් ගළවගන්න පුදුම උත්සාහයක් දුන්නේ.

ඒත් මගේ වාසනාවකට දොර ළඟ අර දැවැන්ත මනුස්සයා හිටියා.

🕴️ සර් , බේත් එක ගන්න.  තව පැය දෙකකින් ෆ්ලයිට් එක.

ඒ මනුස්සයා කිසිම ගාණක් නැතුව කිව්වා. 

මිස්ටර් වන්ග් එයා දිහා බැලුවේ ඒ මනුස්සයව මරාගෙන කන බැල්මක්.

🕴️ නර්ස් , නර්ස් ඉක්මනට ඉන්ජක්ශන් එක ගේනවා.

මං හිතන්නේ එතන හිටපු ගෑනු කෙනා දිව්වා.

ඒ මනුස්සය හොඳටම බය වෙලා. දැන් මොකක්ද එතකොට වෙන්න යන්නේ?

මිස්ටර් වන්ග් ආයෙ මං දිහා බලද්දි එයාගේ ඇස් දෙක ලේ රතු පාටයි.

මොකක්ද එයාට වෙන්නේ?

එයාගේ ගාඩ් එකපාරටම අපි අතරට පැන්නා. පැනලා එයාව තද කරලා අල්ලගත්තා. එතකොට අර නර්ස් ඉන්ජක්ෂන් එකක් අරන් දුවගෙන ආවා.

හුස්මWo Geschichten leben. Entdecke jetzt