❤ආව්... ආආආ....
අහ්....
💚ශානු...
මිස්ටර් වන්ගේ කල්පනාව අවුල් වුණ නිසා එයාට ශාන්ගේ තුවාලෙ අමතක උනා. ඒක මතක් උනේ ශාන් ආව් කිව්ව වෙලාවේ.
..................................................................................................................................................💚සොරි ශානු.. සොරි
මිස්ටර් වන්ග් එහෙම කියලා ඉක්මනටම මගේ ඇඟෙන් නැගිට්ටා. අම්මෝ දෙවියනේ.. ඒ මොකද්ද ඒ වෙන්න ගියේ.
ඒත් එයා අප්සට් එකෙන් මගේ දිහා බලාගෙන ඉද්දි මට අවුලක් නෑ කියලා කියන්න ඕන වුණා.
❤ අහ්.. නෑ. නෑ.. චුට්ටයි රිදුනේ...
එයා මගේ දිහා හොඳටම බලන් හිටියා. ඒ ඇස් වල තිබ්බේ අමුතුම කතාවක්. ඒක අමුතුයි කියලා කියන්නත් බෑ. මොකද ඒ තිබ්බේ සරාගී ඇස්. ඔව් මං කාගෙන්වත් ඒ වගේ ඇස් දෙකක් නම් කවදාවත් දැකලා නෑ. කෙනෙකුට බෑ කියන්න බැරි ඇස්. හොඳින් හෝ නරකින් හැමදේම අයිතිකර ගන්න පුළුවන් හැකියාවක් ඒ ඇස් වලට තිබ්බා.
එයා එක පාරටම හැරිලා යන්න ගියා. කාමරේ තිබ්බ දොර ඇරලා යද්දි මං දන්නේ නෑ අහේතුකව මට පුදුම දුකක් දැනුනා.
අහ්... ඔළුව. ඒ මගුල රිදෙනවා.
මං ඇදෙන් නැගිට්ටා. තුවාය අරන් බාත් රූම් එකට ගිය මට සිද්ධ වෙච්ච දේවල් මතක් කර කර ඇග සෝදන්න ටිකක් වෙලා ගියා.
ඇග සෝදගෙන එළියට ආවත් අදින්න ඇදුමක් නෑ නේද කියලා මතක් වුන මං වටපිට බැලුවා. ආ... බාත් රූම් එකේ බාත් රෝබ් එකක් තිබ්බා. ඒකත් ඇදගෙන හිටියා. හිටියා හිටියා. එත්... ම්හ්.. නෑනෙ මෙයා...අනේ මට බඩගිනි.
මිස්ටර් වන්ග් කෝ??
කාමරෙන් එළියට ඔළුව දාපු මම
❤ සර් ... සර්.. ඔයා කොහෙද??
එයා එකපාරට පැසේජ් එක කෙළවරින් මතු වුණා.
💚ඇයි ශාන්?
❤සර් මට ඇදුමක් දෙනවද? මට ගෙදර යන්න ඕනිනේ. මේ හොස්පිටල් පිජාමා එක ඇදන් යන්න බෑනේ. ආච්චා බය වෙයි.
💚 ම්ම්ම්.. හා.
එයා මං ඉන්න කාමරේට ආයෙත් ආවා. ඒත් මා දිහා බැලුවේ නෑ. පුදුම අහංකාරකමක්. කමක් නෑ. මං දැන් යනවනේ. පස්සේ කතා කරයි.