20 වන පරිච්ඡේදය

192 37 7
                                    

මගේ ඔළුව ඇතුළේ දෝංකාර දුන්නේ එකම එක ප්‍රශ්නයක් විතරයි. එයාට මොකද උනේ?
  පොලිස් නිලධාරීන් දෙන්නා මාව අරගෙන පොලිස් ස්ටේෂන් එකට ආවා.

එතනට ආවම මං ගොඩක් බය වුණා. මොකද මං දන්නවා මේක ඇතුලේ මම මැරෙන්නත් පුළුවන්.
මොකද නැති වෙලා තියෙන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි.

එයාගේ ගාර්ඩ් කෙනෙක් මෙතන ඉන්නවා. පොලිස් නිලධාරියෙක් මාව ඒ කෙනාට පෙන්නුවා.

🤵ඔව් officer. එයා තමයි කෙනා.

👮️මෙයාගෙන් කටඋත්තරයක් ගමු.

👮️ මෙතනින් ඉඳගන්න.

ඒ ඔෆිසර් මට පුටුවක් පෙන්නල එහෙම කිව්ව.මං එතනින් ඉඳගත්තා.

ඒ ළඟින්ම ඇවිත් අර bodyguardu ත් ඉඳගත්තා.

👮️ shan මිස්ටර් වන්ග්ව අඳුරන්නෙ කොච්චර කල් ඉඳන්ද?

❤ sir මට මිස්ටර් වන්ග්ව හම්බ උනේ ගිය සතියේ.

👮️ කොහෙදිද?

❤කොෆි ෂොප් එකේදි.

👮️හොඳයි ඊට කලින් මිස්ටර් වන්ග්ව අඳුරන්නේ නැද්ද?

❤ නෑ සර්.

👮️ මිස්ටර් වන්ග් ප්‍රසිද්ධ කෙනෙක් කියලවත් අඳුරන්නේ නෑ ???

❤ නෑ සර්.

👮️ කොෆි ෂොප් එකේදි කොහොමද මිස්ටර් වන්ග්ව මුනගැහුනෙ?

❤ සර් මම වැඩ කරන්නේ ඒ කොෆි ෂොප් එකේ. මම තමයි මිස්ටර් වන්ග්ට black coffee එකක් serve කළේ?

👮️ mister ශෙන්  ඒක හරි ද?

🤵 ඔව්. මිස්ටර් වන්ග් coffe shop එකට ගියා.

👮️ හරි. ඔයා දන්න හැමදේම අපිට කියන්න. මිස්ටර් ශෙන්ට පුළුවන් මෙයා කියන දේවල් ඇත්තද කියලා කියන්න.

🤵හ්ම්ම්ම්. ඔව් ඔෆිසර්.

මං දන්න හැමදේම කියාගෙන ගියා . එදා coffee shop එකේදි හම්බවුන තැන ඉදන් party එකේදි වුණ හැම දේම මම කිව්වා. ඒ හැමදේම මිස්ටර් ශෙන් හරි කියලා අනුමත කළා. රෑ ගිය ගමන ගැනත් කිව්වා. මිස්ටර් වන්ග් කිව්ව විදිහට එයා මාව හොයාගෙන ආවේ ස්තුති කරන්න කියලත් කිව්වා. ඔක්කොම කියලා ඉවර වෙලා මං දන්නෙ එච්චරයි කියලා කිව්වා.

හුස්මWhere stories live. Discover now