44 වන පරිච්ඡේදය

139 26 26
                                    

එකින් එක බලාගෙන බලාගෙන එද්දි අහම්බෙන් වගේ දැක්ක මිස්ටර් වන්ග්ගෙ නම්බර් එකෙන් කෝල් තුනක්ම ඇවිල්ල තියෙනවා. මට වගේම එයාටත් මාව මතක් වෙනවා කියලා මගේ මෝඩ හිත පිස්සු නටන්න පටන් ගත්තා. ඇයි දෙවියනේ තවත් මං තේරුම් ගන්නේ නැත්තේ?

මං ආයේ කිසිම දෙයක් හිතන්නේ නැතුව ඒ නම්බර් එකට ගත්ත කෝල් එකක්.
ෆෝන් එකේ රින්ස් යනවා. මෝඩ මම තාම එයාට කතා කරන්න උත්සාහ කරනවනේ. ඒත් නොහිතූ මොහොතක එහා පැත්තෙන් ෆෝන් එක ආන්සර්  වෙද්දී  මගේ හුස්ම හිර වුණා..

💚හෙලෝ..

❤හෙ...හෙ.ලෝ

💚 ශානු

❤ .................... හ්...හ්...හ.... අ...

💚 ශානු.. කතා කරන්න.  ශානු....

❤හ්..හ්හ...හ්.හහ්...

💚 ශානු අඬන් නැතුව කතා කරන්න මට චුට්ට වෙලාවයි තියෙන්නේ.

❤ අහ්...හ්...හ්... ඇ..යි ..ඒ..?

💚 මට බේත් එක විදලා තියෙන්නෙ.

❤ අනේ.... ඒ...ත් මට කතා කරන්න ඕනිනේ...

💚 මට සමාවෙන්න ශානු...ඔයාගෙ හිතේ කෙනෙක් ඉන්නවා කියලා කිව්වට මං හිතුවෙ නෑ ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඒක නිසා මම කළ දේට  සමා වෙන්න ශානු. මං අතින් උන දේ ආයේ හදන්න බෑ කියලා මම දන්නවා. ඒත් මට පුළුවන්නේ ඒ වෙනුවට සමාව ගන්න.  මං  මෙහෙ හිටියොත්  ඔයා ආදරේ කරන කෙනාට මගේ අතින් අනතුරක් වුණත් වෙන්න පුළුවන්.

❤ මොකක්?

💚 ඒක නිසා මං treatment වලට ඇමරිකා යනවා හෙට උදේ.  මං එහෙ ගිහිල්ලා කෝල් එකක් ගන්න පුළුවන් වුනොත් ගන්නම් . නෑ මං ඔයාට කිසිම කරදරයක් කරන්නෙ නෑ. .........ශානු...

❤ treatments? මොනවටද? ඇයි ඔයා සමාව ගන්නේ?

💚 මට ඔයා කියන එක පැහැදිලි නෑ ශානු. දැනටමත් මට නින්ද යනවා.

❤ හෙ.ලෝ

💚...............................

❤ හෙලෝ....

💚.....................

බීප් බීප් බීප්...

කියන්න දහසක් දේවල් තියෙද්දිත් ෆෝන් එක කට් වෙලා ගියේ මගේ හිත උබතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙමින්. එයාට තියෙන අසනීපෙ මොකක්ද? ඇමරිකාවේ ගියහම ආයෙ කවදද එන්නේ? අනික එයා  මං ආදරේ කරනවා කියලා කිව්වේ කාටද? ඩැනීටද? මම මීඩියා වලට කියපු දේවල් එයා ඇත්තම කියලා පිලි අරන්ද?

හුස්මWhere stories live. Discover now