39 වන පරිච්ඡේදය

163 31 25
                                    

ඇහැට වැටුණු සීතල වතුර බිංදු කීපයක් නිසා මම සීල් වෙලා තිබ්බ ඇස් පිහාටු  ඇරියා.

මිස්ටර් වන්ග් උදෙන්ම නාලා. මගෙ මූණට  පහත් වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. එයාගේ කොන්ඩේ අගිස්සෙ රැඳුණු වතුර බින්දු මගේ මූණට වැටුන. මං ඇස් අරිනවා දැකලා එයා ලස්සනට හිනා වුණා. අනේ  ඒ හිනාව නම්. ඊයෙ ඉතින් රෑ එයා මගෙ වුණානේ. මගේ හිත සන්තෝසෙන් ඉලිප්පුනා. මාත් එයා එක්ක හිනා වුණා.

💚එන්න.  මං ඔයාව wash එකක් දාන්නම්.

❤ නෑ එපා.

💚 එපා නෙමෙයි ඔයාට බෑ.

එහෙම කියලා එයා මාව වඩාගත්තා.

❤ අයියෝ මට තව ටිකක් නිදාගන්න ඕනිනේ.

💚ඔව් ඔයා තව ටිකක් නිදාගන්න. හැබැයි වොෂ් එකක් දාලා උදේට කාලා ඉවර වුණාට පස්සේ.

❤ අපෝ...

💚 ශානු....😈

එයා මට රැව්වා. මං කට පියාගත්තා.

ඊයෙ රෑ නටපු නාඩගම්වල ප්‍රතිඵල උදේට තමයි තියෙන්නේ.  මට washroom ගිය වෙලාවේ නම් තරු පෙනුනා. මුළු මූණෙන්ම කඳුළු වැක්කෙරුණා. මං කොච්චර යන්න කිව්වත් මිස්ටර් වන්ග් ගියේ නෑ. අත්‍යාවශ්‍යම කාර්යෙදි නම් එයා එළියට ගියා. ඒත් හැමතිස්සෙම මට කතා කළා. එයා බය වුණා මං කලන්තෙ දායි කියලා. පස්සේ එයාම මාව බාත්ටබ් එකෙන් තියලා නෑවුවා. නාවන අතරෙදි මං එයාට වතුර ගැහුවා. එයාට වද දුන්නා. එයා හිනාවුනා විතරයි. මට එයා ගැන පොඩ්ඩක් අමුතු හිතුණ. සමහරක් වෙලාවට එයාගේ හිනාව ඇත්ත නෙමෙයි කියලා හිතුනා. හැබැයි ඊයේ රෑ නම් එයා ලස්සනට හිනාවුණා. මං එයාව බදාගෙන තමයි වොශ් රූම් එකෙන් එළියට ආවේ.
එයා  මට ඇදුම් ටිකත් ඇන්දුවා.

❤ කෝ පවුඩර්?

💚 පවුඩර්???

❤ ඕ...

💚පවුඩරුත් දාන්න ඕනිද?

❤ඕ..... ඕ... නැත්තම් මට නෑවේ නෑ වගේ.

💚ආ පොඩ්ඩක් ඉන්න. කබඩ් එකේ ඇති.

❤ආ... ඕක තමයි මම ගාන පවුඩර් එක.

💚මේක බේබි පෞඩර් එකක් නේ.

❤ඔව් මං ගාන්නෙ බේබි පවුඩර් තමයි.

හුස්මWhere stories live. Discover now