27 වන පරිච්ඡේදය

171 30 4
                                    

ශාන්ගේ ඔළුවට තුවාල වෙලා තිබුණා. මිස්ටර් වංග්ට නම් දැනුණේ ඒක නරක හීනයක් වගේ. එයා ගොඩක් කේන්තියෙන් හිටියා තමයි. මොකද ශාන් එයාට වංචා කරා කියලා දැනගත්තම ඉව වහ ගිය කේන්තිය පාලනය කරගන්න එයාට බැරි වුණා. එයා ශාන්ට ගැහුවෙ ඒක නිසා. ඒත් මිස්ටර් වන්ග්ව පියවි සිහියට ගත්තේ කයිරෝ . කයිරෝගේ අතේ තිබ්බ වීඩියෝ එකෙන් පෙන්නුවෙ shan කැෆේ එකේ වැඩ කරනකොට එයාගේ ඇඳුම් බෑග් එකේ තිබ්බ ඇඳුමේ සාක්කුවට කෙනෙක් ඇවිල්ලා පොඩි කැමරාවක් දාලා යනවා. එයාගෙ කැෂුවල් ඇඳුම් තිබ්බේ cafe එකේ ලොකර් එකේ. ශාන් දන්නේ නැතුව තමයි ඒ ඇඳුම් ඇඳගෙන ආවේ. ඒ වගේම ලැබුණු phone detail වලට අනුව ශාන්ට ආව කෝල් කිසිම එකකට shan සැක හිතෙන විදිය උත්තර දීලා නෑ. ඒවායේ recordings සේරම කයිරෝට හම්බුනේ පරක්කු වෙලා.

ඒත් කවුරුවත් හිතපු නැති දෙයක් තමයි එවෙලෙ උනේ. මෙච්චර කාලෙකට මිස්ටර් වන්ග්ගේ ජේල් එකේ අහම්බෙන් මෙහෙම දෙයක් සිද්ධ වුණාමයි.

මිස්ටර් වන්ග් ලෙඩා ගාවින් හෙලවෙන්නවත් කැමැති වුණේ නෑ. මිස්ටර් වන්ගේ ප්‍රයිවට් හොස්පිට්ල් එක නිසා ශාන්ට මැහුම් දානකොටත් මිස්ටර් වන්ග්ට තියෙටර් එක ඇතුලේ ඉන්න පුළුවන් වුණා.

.............................................................

👩‍🔬බයවෙන්න එපා මිස්ට වන්ග්. වාසනාවකට වගේ එයාට ලොකු ඩැමේජ් එකක්  වෙලා නෑ.  ඒත් ඔළුවේ තියෙන කට් එක සනීප වෙන්න ටික දවසක් යයි. පරිස්සමෙන් බලාගන්න වෙයි. මේ සිද්ධිය මීඩියාවලට නොගියොත් නම් තමයි හොඳ. අපේ කෲරූ එකේ ඉන්න කට්ටිය  ගෙන්නම් මේක කොහොමත් පිට යන්නේ නෑ.

💚ම්ම්ම්....
එයාගෙ මේ නළල ගාව තියෙන කැලල මැකෙන්නේ නැති වෙයිද?

👩‍🔬 ඒක සති දෙකකින් විතර මැකිල යයි මිස්ටර් වන්ග්.  බය වෙන්න අවශ්‍ය නෑ.

💚 ම්.. කීයටද සිහිය  එන්නේ?

👩‍🔬 තව පැයකින් විතර සිහිය එයි.

💚 ok. ඔයා යන්න. මම අවශ්‍ය නම් කතා කරන්නම්.

👩‍🔬 ok sir.

ඩොක්ටර් ගියාට පස්සේ මිස්ටර් වන්ග් සුදු පාට ඇතිරිල්ල උඩ නිසංසලේ නිදාගෙන ඉන්න ඒ රූපය දිහා බැලුවා. එයා නිදි. හොඳටම නිදි. මිස්ටර් වන්ග්ට තමන් ගැනම ලොකු කලකිරීමක් ඇති වුණා. කිසිම වරදක් නොකරපු අහිංසකයකුට එයා අත උස්සල තිබ්බා. නළල ගාව තියෙන කැලලත් . ඔලුව පිටිපස්සේ තියෙන මැහුම් වලට දාපු බැන්ඩේජ් එකත් නිසා එයාගේ මූණ බලන් ඉන්න වන්ග්ට දැනුනේ ලොකු අපහසුවක්. එයා ශාන් ලඟට ගියා.  හරිම මෘදුව ශාන්ගේ නළල අතගෑවා.

හුස්මWhere stories live. Discover now