48 වන පරිච්ඡේදය

143 24 29
                                    

එහෙම කියලා එයා යන්න ගියා. ඇත්තටම මේ මොකක්ද වෙන්නේ කියලා මට හිතාගන්න බැරුව ගියා. ඒ කියන්නේ අපි මුණගැහෙන්න හොඳ නෑ. මං මේ රස්සාව කරන්න පටන් ගත්තෙත් එයා නිසාමනේ. එයාව මුණගැහෙන්න තියෙන ආසාවටම නේ.

එතකොට කයිරෝ කිව්ව දෛවය...???

ඔව් අපිට මුණ ගැහෙන්න තියෙනවා නම් දෛවය අපිව මුණගස්සාවි.
.....................................

එදායින් පස්සේ සිද්ධ වුණේ නම් හිතා ගන්නවත් බැරි දේවල්. මගේ ජීවිතය ඔහේ ගලාගෙන යන්න පටන් ගත්තා. කිසිම වෙනසක් නෑ.  ඒ වගේම පුදුම විදිහට කාර්යබහුල වුණා. මොකද දැන් මං තෝරගත්ත මාර්ගය හින්දා මට දිගටම මොඩ්ලින් කරන්න වෙලා තියෙනවා. fashion shows නම් ඉවරයක් නෑ. මොකද එදා මම ගිය ෆැෂන් ෂෝ එක ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඒක එච්චර ලොකු Fashion designing කරන කෙනෙක්ගේ නොවුනත් මාව පාවිච්චි කරලා තිබ්බ නිසා ගොඩක් අය ඒක බලන්න පටන් අරන් තිබ්බා.

ඉතිං ඒක නිසා මට මොඩ්ලින් ෂෝස් වලින් නම් අඩුවක් තිබ්බේ නෑ. මම දැනුත් ඉන්නේ මොඩ්ලින් ෂෝ එකට ඇඳගෙන. හැමදාම හවසට practice කරන්නත් වුණා. ඒ වගේම මට මැනේජර් කෙනෙකුත් හම්බුනා. ඇත්තටම ඒ මනුස්සයා හින්දා මට ලොකු සහනයක් තිබ්බා. මොකද එයා හැමදේම මැනේජ් කරලා තිබ්බා. ඒ වගේම එයා මගේ ඇඳුම් ගැලපෙනවද නැද්ද කියලා බලලා සේරම කරලා තියෙනවා. ඒක නිසා මට තියෙන්නේ හරි අඩු වැඩ ප්‍රමාණයක්.

ගොඩක් වෙලාවට මං කයිරොට දුරකථනයෙන් කතා කරලා මිස්ටර් වන්ග් ගැන අහනවා. දැන් නම් එයා හොඳින් ඉන්නවා.එයා වෙඩින් එකටත් ලෑස්ති වෙනවා කියන්නේ. දිමිත්‍රි යැන්ග් එක්ක. තව මාස දෙයකින් wedding එකත් ගනියි. තාම එයා china වලට ඇවිල්ල නෑ. මම කිසිම දෙයක් නොකර ඔහේ බලන් ඉන්නෙ ඩොක්ටර් කිව්ව දේ ඇහුව හින්ද. ඇත්තටම එයා මගෙන් වෙන් වෙනවා කියලා දැනෙද්දි දැනෙන වේදනාව නම් කියලා නිම කරන්න බෑ.

ඇත්තටම අපේ කතාව අසම්පූර්ණ විදිහටම ගෙවිලා යයිද? මං ඉන්නේ ඔහේ මැරුණු කෙනෙක් ගානට.

මේ සිද්ධි අස්සේ ප්‍රයිමිනිස්ටර්ගේ wife හම්බෙන්නත් මං එදා ගියා. එයාගේ ට්‍රැඩිෂනල් විදිහට තියෙන ෆැෂන් ෂෝ එකට ලස්සන කොස්ටියුම් ටිකක් ලෑස්ති කරලා තිබ්බා. මටත් කොස්ටියුම් කීපයක්ම තිබ්බා. ඇත්තටම හරිම ලස්සනයි. ඒ මදිවට එයා මට කොන්ඩේ වවන්නත් කිව්වා. ප්

හුස්මWhere stories live. Discover now