8 වන පරිච්ඡේදය

218 35 3
                                    

උදේ ඉඳන් වෙච්ච හැමදේම ආච්චිත් එක්ක කිව්වට පස්සේ මට ඕනෙ වුනේ ඇඟ හෝදගෙන නිදාගන්න. ආච්චි නම් කිව්වේ  වැරදීමක් වෙලා නම් ආපහු දෙන්න කියලා. මන් නම් කිව්වේ ආය එයාව හම්බ වෙයිද දන්නෙත් නෑ කියලා. මොකද එයාට තිබ්බ පෙනුම මේ පළාතේ කෙනෙක්ගෙ පෙනුම නෙමෙයි. කොහොම වුණත් මං ගොඩක්  දේවල් හිතලා ඉවරයි. මං හිතන විදියට ආයේ මට එයාව දකින්න හම්බවෙන එකක් නෑ. ඒකට කමක් නෑ. මං ඔයාව එක සැරයක් හරි දැක්කනෙ.

කොහොමත් ඉතින් මං දැක්කා කියලා මොනා කරන්නද? ශාන් ඔයා ඕනාවට වැඩිය ඕක ගැන හිතනවා. මං මගේ  හිතටම තරවටු කරමින් තමයි නිදා ගත්තෙ.

ඊළඟ දවස අපි කාටත් බොහොම කාර්යබහුල දවසක් වුණා. මොකද සිකුරාදට තියෙන ඉවෙන්ට් එක ගැන තියෙන schedule එකෙන් ,   එක එක්කෙනාට කරන්න තියෙන රාජකාරි පැහැදිලිව දක්වලා තිබ්බා. මං හිතන්නේ මේ schedule  එක ගොඩක් හොඳට හිතලා බලලා හදපු schedule එකක්. හැම කෙනාටම වැඩක් පැවරිලා තිබ්බා. මට තිබ්බේ rooftop එකේ ඉන්න guest ල use කරපු ඩිෂ් ඉවත් කරන්න. වෙලාවට මාත් එක්කම ෂින් ව වැටිලා තිබ්බා.

මං අද දවස ම  ඩිෂ් අයින් කරන හැටි පුරුදු වුණා. ඈන්ට නම් ලොකු වැඩක් තිබ්බා. එන guest ලා එක්ක කතා කරලා එයාලා කැමති ඕඩර්ස් ගන්නත් තිබ්බා. අපි අලුත් නිසා පොඩි වැඩ ටිකක් විතරයි තිබ්බේ. කොහොමත් අපිට බ්‍රහස්පතින්ද හවසට ඒ හොටෙල් එකට යන්න වෙනවා.

ආච්චා නම් කිව්වේ යන තැනක ගිහින් පරිස්සමට වැඩ ටික කරගෙන එන්න කියලා.  මං කොහොමත් වැඩිය පිට තැන්වල ඉඳලා නැහැ. මොකද මට යාලුවෝ ඉඳලා නැහැනේ වැඩියෙන්.

කොච්චර කොහොම වැඩ කලත් දවස තිස්සේම ශොප් එකේ දොර ළගට ඇස් ගියේ නොදැනුවත්වමයි. ආයේ ඒ කෙනා එන්නෙ නෑ.  මං මටම කියාගත්තා කිව්වොත් හරි.

කොහොම හරි බදාදා දවසත් ගෙවිලා ගියේ උත්සවේ වගේම කොෆි ශොප් එකේ වැඩත් එක්ක අපි කාර්‍ය බහුල වෙද්දි.

බ්‍රහස්පතින්දා හවස කට්ටියටම හොටෙල් එකට යන්න transport හම්බුනා. මායි ශින් වගේම චෙන් අපේ ඇදුම් තියන මල්ලත් උස්සන් ගිහින් වාහනේට නැග්ගා.  ට්‍රිප් එකක් යනවා වගේ අපි හොටෙල් එකට ගියා.  coffee shop එකේ හැමදෙනාම බොහොම ලෙන්ගතුව මාත් එක්ක එකතු වුනා. ඇත්තටම මෙච්චර කාලෙකට ගොඩක්ම ලං වුනු කට්ටිය හිටියේ කොෆි ෂොප් එකේ.  අලුතෙන් ආව කියලා වෙනසක් පෙන්නුවේ නෑ. ඉතින් හරිම සතුටෙන් තමයි hotel එකට ආවේ.

හුස්මWhere stories live. Discover now