57 වන පරිච්ඡේදය

174 32 16
                                    

💚 ජීවිත කාලෙම මෙහේ ඉන්න ඕන. මේ ගෙදරින් එළියට බහින්න බෑ.

දෙවියනේ එහෙමත් කොන්දේසියක්?? එතකොට මගේ ආච්චා...? කයිරෝ අංකල්ව බේරගන්න වෙන ක්‍රමයක් නෑ නේද..? දැන් මං මොකද කරන්නේ...?

...........................................

❤ ඇයි එහෙම කරන්නේ?

ඇත්තටම මේ කොන්දේසියට එකඟ වෙන්න බැරි නිසා මං ඒක ඇහැව්වේ. මොකද සතෙක් නෙමෙයි මං කූඩුවකට කොටුවෙලා ඉන්න.

💚 මං එහෙම තමයි.

❤ මට හරියට පැහැදිලි කිරීමක් කරොත් මං ඒ කොන්දේසිය ගැන සලකලා බලන්නම්.

💚 සලකලා බලන්නම්...?

❤ ඔව්. මං ආයෙත් අහන්නම්. ඇයි මාව එහෙම හිර කරලා තියාගන්න හදන්නේ?

එයා මගෙ දිහා දවල අළු කරලා දාන්න බැල්මක් හෙලුවා.

💚 මගේ දේවල් කවුරුවත් දකිනවට මං ආස නෑ.

❤ මගෙ දේවල්...?

💚 ඔව්..

❤ එතකොට මං ඔයාගේ දෙයක්ද?

මගේ කට ඉස්සර උනාට පස්සේ මට ලැජ්ජාවක් දැනුනා.

💚 හ්ම්ම්...

❤ මේ අහන්න. ..

💚 මට අහන්න ඕන නෑ.

එහෙම කියලා එයා යන්න හැදුවත් මං එයාගෙ අත තදින්ම අල්ල ගත්තා.

❤ මං ඔයා ළගින් ඉන්නම්. කයිරො අන්කලට කරදරයක් කරන්න එපා .

💚 ඒ කියන්නේ කොන්දේසියට එකඟයි නේ.

❤ ඒක කොන්දේසියක් නොවී බැඳීමක් උනානම් කොච්චර හොඳයිද?

💚 බැදීමක්...?

එයා පුදුම වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටියා.

❤ ඔව්.

ආදරේ වගේ බැදීමක් වුණා නම් කියලා මට කියන්න ඕන උනත් මගේ කටින් ඒ වචන පිටවුනේ නෑ. මොකද එතනදි මම හරිම අසරණයි. මම දුප්පත් කෙනෙක්. මට කියලා ඇති දෙයක් නැහැනේ. ඒක නිසා මට ඒ වචනයට කියන්න බයයි.

💚 බැඳීමක් කියලා මොකක්ද අදහස් කලේ?

❤ මොකුත් නෑ.

කියන්න ඕන උනත් මං කියන්නෙ කොහොමද? මං එයාට මගේ හදවත පැලෙන්න ආදරෙයි කියලා.

හුස්මOnde as histórias ganham vida. Descobre agora