54 වන පරිච්ඡේදය

161 29 13
                                    

💚 බොරු කියන්න ඕනි නෑ ෂානු. ඔය ඇඳුම සුදු හින්ද මට ඔයාගේ ඇගේ බාගයක්ම දැන් පේනවා.

එහෙම කියලා එයා මාව ආයෙ හරහට වඩා ගත්තා. වඩාගෙන එයත් එක්කම ගිහිල්ලා ෂවර් එක යටින් හිටගත්තා.

මට ඒ වෙලාවෙ කිසිම දෙයක් නවත්තන්න උවමනාවක් උනේ නෑ. මොකද මට එයාව ඕනෙ කියන හැඟීම ඕනෑවටවත් වඩා මගේ ඔලුවට වද දීලයි තිබ්බේ. මොකද මම මෙතනට ආවේ යක්‍ෂාරූඩවෙලා. එයා මාව වතුරට අල්ලපු මොහොතෙම මගේ හිතේ තිබ්බ කලබල ගතිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහිල්ලා අමුතු හැඟීමක් එළියට එන්න පටන් ගත්තා. එයා මං දිහා බලාගෙන හිටියේ කවදාවත් දැකපු නැති තරම් ලස්සන කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ. මං ඒ දිහා නම් බලන්න ගියේ නෑ. මොකද මට ඒ බැල්ම දරාගන්න බැරි බව මට හොඳටම තේරිලා තිබ්බේ.

💚ශානු උඹ ගොඩාක් ලස්සනයි නේ. මං දන්නෑ මම   උබගෙ ඇඳුම මීට කලින් ගලවලා තියෙනවද කියලා. ඒත් මං කැමතියි මේ ඇඳුම් නැතුව උබ කොහොමද කියලා බලන්න.

මම ඒත් සද්ද නැතුව හිටියා. මාව ඇතුලෙන් පිච්චෙන ගමන් හිටියා. එකක් ඒ ආසාවට. අනික එයාට මාව මතක නැති දුකට. ඒ වෙලාවේ නම් එයාට උත්තරයක් ඕනෙම කියන්න වගේ මගේ මූණට එබිලා බලාගෙන හිටියා.

💚මට කියන්න බැරි ගොඩක් දේවල් ඔයාට තියෙනවනේ..?

හරි... කියන්න ඕන නෑ.මම හොයාගන්නම්කෝ.
හැබැයි මතක තියාගනින්.මං හොයාගත්ත දවසට ඒවල අඩු වැඩි පුරවන්න නම්  මම  උඹට අවස්ථාවක් දෙන්නේ නැති බව.

එහෙම කියලා එයා මගෙ මූණ දිහා වගේම වතුරට පෙඟෙන මගේ ඇඳුම් දිහා බලාගෙන උන්නා.මම එයා දිහා බලාගෙන උන්නේ ඇත්තටම සිහියකින් නම් නෙමෙයි. මොකද එයාගේ කොන්ඩේ වතුරට තෙමිලා ඒ කොන්ඩෙන් වැටෙන වතුර කෙලින්ම මගේ මූණට වැටෙනවා. අනික එයා ගොඩක් කඩවසම් විදිහට මට පේන්න ගත්ත වගේම ඒ ලස්සන සරාගී මූණ මාව පිස්සෙක් කරන්න පටන් අරන් තිබ්බා.  අත් දෙකෙන්ම මාව වඩා ගෙන මං දිහා බලාගෙන ඉන්න එයාගෙ පපුවට මං මගෙ මූණ හේත්තු කර ගත්තා. දැන් හරිම සැනසීමයි. මට මැරෙන්න ඕනි.
මොකද මෙතනින් ගිය ගමන්ම  අපි දෙන්න ආයෙ ලෝක දෙකක තනිවෙන එකයි වෙන්නේ. මට ඕනි උනේ එයා ළඟ ඉන්න. කවදාවත් වෙන් නොවෙන  බැඳීමක් ඇති කරගන්න.

හුස්මWhere stories live. Discover now