31 වන පරිච්ඡේදය

235 29 11
                                    

වැඩක් නෑ. මං හිතුවට ඒකා අහිංසකයි කියලා ඌත් අනිත් උන් වගේම මට වංචා කළා.

දැක්ක ගමන්ම ඇහැ ගියා. ආයේ මුණ ගැහෙන්න ආසා කලා.
අවුරුදු තිස්තුනක් වුණත් තාමත් කෙනෙකුට මාව ලේසියෙන්ම  රවට්ටන්න පුළුවන් කියන හැඟීම නිසාම මං උඹට වෛර කරන්න පටන් ගත්තා.

සල්ලි තියෙන එක හරි කරදරයක්. අවංක මිනිස්සුව හොයාගන්න බැහැ. මට අවංක  එකයි මෙතන ඉන්නේ.  ඒ කයිරෝ විතරයි.


උබේ මූණ පොඩි එකෙක් වගේ. හුරතල් පෙනුම. ඒ මදිවට පුදුම වෙනකොට කට හදන විදිහ. 😮

කාට හරි අයිති වුණොත්?  ඒක ගැන හිතද්දි නම් අත අරින්න බෑම කියලයි හිතෙන්නේ.

ඇයි මට හතුරෙක් නම් වද දිදී හරි තියාගන්න බැරි.

උබ හතුරෙක් නම් මං උබව අරන් ඇවිත් හිර කරනවා. හිර කරන් වද දෙනවා. ඒවා හරිම සරාගී වද.
උඹට දැනෙන්නේ මං උබව රිද්දනවා වගේ. ඒත් මං උබව ඒ මාර්ගෙන් හැමදාම අල්ලනවා. හැම රෑකම මගේ කර ගන්නවා. උබට මාව දාල යන්නත් බැරි තරමටම.

ම්ම්...ඒක ලස්සන රූපයක්. හිතින් අමතක කරන්න ගොඩක් අමාරුයි. හා පැංචෙක් වගේ.

හතුරෙක් වුණත් අයිති කර ගන්නමයි මට ඕනේ. ඒත් කයිරෝ ට ඕනේ මං එයාගෙන් අයින් වෙලා ඉන්නයි . 

ඒත් දැලිපිහියෙන් කිරි කන කොටයි කිරි වලත් රස දැනෙන්නේ. මම පුරුදුවෙලා තියෙන්නේ එහෙම නේ.

මට උඹට කන පැලෙන්න ගහන්න හිතෙනවා වෙලාවකට මට වංචා කරාට. අහු වුණ දවසක ගහනවා. ඒ තරම්ම මට තරහයි.

ඒත් මට උඹට සමාව දෙන්න වෙනවා. මාව මරන්න උත්සහ කරාට කමක් නෑ. මං ආයෙ උඹට රැවටෙන් නෑ නේ. ආයෙ මගේ ඉස්සරහට එන වැරැද්ද උඹ කරන්න එපා. එහෙම වුනොත් නම් මට මේ ලයින් එක cross කරන්න වෙනවා.

ඇයි මට හැමතිස්සෙම උඹව දකින්න ඕනි. ආසයි බොරුවට හරි මගෙ ළගින් ඉන්න කෙනෙක් තියාගෙන හුරතල් කරන්න. ඒ හුරතල් වෙන කෙනා වෙන කෙනෙක් නොවී උබම වෙන්න ඕනි. මොකද ඒ හීනෙට ගැලපෙන්නෙ උබම විතරයි.  උඹව දැක්කාම මට මගෙ වයස අමතක වෙනවා. අඩුම 10ක්වත් බාලයිනේ උඹ. මං අනිත් උන් වගේ ඔබට සුභ පතන්නම් කියන එකෙක් නෙමෙයි. මගේ නම් මගේ විතරයි.

හුස්මWhere stories live. Discover now