47 වන පරිච්ඡේදය

125 21 17
                                    

❤අනේ කයිරෝ.. මට එයාව බලන්න ඕනේ...

එච්චරයි මට කියාගන්න පුළුවන් වුනේ. කඳුළු කඩා වැටෙද්දී. කයිරෝ මාවත් අරගෙන වාහනයට නැග්ගා. ගෙදර කට්ටියව පස්සේ එක්කන් එන්නම්.

👩‍🦰කවුද මේ හදිසියේම කඩා වැටුනේ?

🦸‍♂️ ඒ ශාන්ගේ බොඩිගාඩ්. 🤣

...........................................................

වාහනේ යනකම්ම මට කතා කරන්න නොදුන්න කයිරෝ මා එක්කම අපේ ගෙදරට ආවා.

❤කයිරො අන්කල් එන්න ඇතුලට.

ඒ එක්කම රයන් අයියයි, ඩැනී අයියයි, අච්චයිත් එයාල ගිය වාහනේම ආවා.

ටිකකින් කට්ටියම ඉඳගත්තේ කයිරෝ එක්ක කතා කරන්න හිතාගෙන.

🕴️ ශාන් සර් මම ආවේ duty එකකට මිස්ටර් වන්ග් ගෙ.

❤අහ්.. කියන්න කයිරෝ අන්කල්.

🕴️ mr වන්ගෙ ඩොක්ටර් ට ශාන් සර් එක්ක කතා කරන්න ඕන කිව්වා.

❤අහ්..

🕴️මං ආවේ මෙන්න මේක දීලා යන්න. කොහොමත් මිස්ටර් වන්ග් මේක ශාන් සර්ට දෙන්නයි තියාගෙන හිටියේ.

එයා දුන්න පාර්සලය අතට අරන් එවෙලෙම මම ලෙහන්න පටන් ගත්තා. මොකද එයා දුන්න තෑග්ග මට ගොඩාක් වටින නිසා.

ඒකෙ තිබ්බේ වටින ෆෝන් එකක්. පාර්සලේ උඩම ලියල තිබ්බේ ශානු කියල. අනේ මට ගොඩක් සතුටු හිතුනා.

❤ අනේ...

ඒක අතට අරන් බලබල හිටිය මට රයන් අයියා තම්බ්ස් අප් එකක් දුන්නා.

🕴️මං හිතන්නේ ඕකේ සේරම නම්බර් තියෙනවා. ඩොක්ට තව ටිකකින් කෝල් එකක් දෙයි.

❤ හරි කයිරො අන්කල්. mr වන්ග්ට කොහොමද අංකල්?

🕴️ සර් හොදින්.

ආච්චා අපට තේ හදන්න ගිය නිසා මේ කිසිම දෙයක් එයාට ඇහුණෙ නැහැ. ඒ වගේම කයිරෝ අංකල් කියන්නේ කවුද කියලත් එයාට තේරුම් ගන්න බැරුව ගියා. ආච්චා හිතුවා ඇත්තටම එයා මගේ බොඩි ගාඩ් කෙනෙක් කියලා.

ඒගොල්ලො තේ බොන අතරේ මම ෆෝන් එකත් අරන් රූම් එකට ගියා. ඇත්තටම එයා මට මේක ගත්තද?ඇයි ඒත් එයා ඒක මට නොදුන්නෙ? මම ෆෝන් එක දිහා බලාගෙනම ඉන්නකොට මට unkown නම්බර් එකකින් වීඩියෝ කෝල් එකක් ආවා.

හුස්මWhere stories live. Discover now