35 වන පරිච්ඡේදය

169 33 15
                                    

🙎‍♀️ නැත්තේ මොකද? තව ටිකෙන්  ආයිත් කෑගහන්න පටන් ගනි. අනික අර ළමයවත් එතනින් තියලා එන්න එපා. එයාට මොනව කරයිද දන්නෑ.

🕴️ සමහර තුවාල සනීප කරන්න බෙහෙත් වලට වඩා හොඳ දේවල් තියෙනවා. මගේ වචන විශ්වාස කරන්න මේරි. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

කාමරයේ දොරත් වහගෙන ඒ දෙන්න පිටවෙලා ගියා.

මේ අතර මිස්ටර් වන්ග්ගේ බේත් එකේ power එක ඉවර වෙලා එයා ඇස් ඇරියා.

.........................................................................
Author's pov

මිස්ටර් වන්ග් නැගිට්ට හැටියෙම ඇස් වලට පෙනුන එකම දේ ශාන්ගෙ ලස්සන හුරතල් මූණ. කලින් බේත් එක නිසා එයා හොඳටම අඩපණ වෙලා හිටියේ. එයා ශාන් දිහා දිගටම බලාගෙන හිටියා.

💚උඹ කවුද?

ඒ ප්‍රශ්නය අහනවත් එක්කම ශාන් මිස්ටර් වන්ග්ගේ ළගට නින්දෙන්ම රෝල් වෙලා ඇවිත් එයාගේ බෙල්ල බදාගත්තා.

ශාන්ගේ නළලේ තියෙන තුවාලේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය මිස්ටර් වන්ග් ශාන්ගේ මූණෙන් ඇල්ලුවා.

💚උඹ හරිම සිනිදුයි.

💚 උඹ මගේද? ඔව් එහෙම වෙන්න ඇති නැත්තම් මේ විදිහට බදාගෙන ඉන්නෙ නැහැනේ.

ශාන්ගේ මුණට වැටිලා තියෙන කොන්ඩේ මිස්ටර් වන්ග් අයින් කළේ පිස්සුවෙන් වගේ.

💚 උඹ හරි ලස්සනයි.

💚 මට කේන්ති ගිහින් ඉන්නේ. එහාට පලයන්.
මිස්ටර් වන්ග් ශාන්ව එහාට කළා.  ඒ ක්ෂණයෙන්ම ආයෙත් ආව ශාන් මිස්ටර් වන්ගේ බෙල්ල මුලටම මූණ තියාගෙන නිදාගත්තා.

💚 මට උඹව මරන්න ඕනි නෑ. එහාට පලයන්.

ශාන් ආයෙත් ඒ හඩට ගැස්සුණත් මිස්ටර් වන්ග් හිතුවෙවත් නැති දෙයක් එයා කළා.  ශාන් එයාගෙ කකුල මිස්ටර් වන්ග්ගේ ඇඟ උඩින් දාගත්තා. ආයෙත් හොඳටම නිදාගත්තා.

මේක දිහා බලන් හිටපු මිස්ටර් වන්ග්ට පුදුම හිතුනා.

බඩගිනි වෙච්ච සිංහයෙක්ගේ ඇඟට කකුලකුත් දාගෙන නිදාගෙන ඉන්න හාවෙක් උඹලා දැකලා තියෙනවද? ඔව් හරියටම ඒ වගේ සිද්ධියක් තමයි දැන් එතන උනේ.
ඒත් මිස්ටර් වන්ග්ට විරුද්ධ වෙන්න විදිහක් නෑ.  මේ ආදරණීය සිප වැළඳ ගැනීම මිස්ටර් වන්ග්ට ගොඩක් කාලෙක ඉඳන් ඕන කරලා තිබ්බ දෙයක්.  ඒ වගේම මේ වගේ ආදරණීය සිප වැළඳ ගැනීමක් එයාට ලැබුණේ එයාගේ අම්මගෙන් විතරයි.

හුස්මWhere stories live. Discover now