59 වන පරිච්ඡේදය

224 29 14
                                    

💚ආදරෙයි  මට...?

❤ඔව්.

එහෙම කියන ගමන් ශානු මිස්ටර් වන්ග්ගේ මූනට වැටිලා තියෙන කොන්ඩේ අයින් කළා.

ඒ දෙතොල් දිහා තවත් බලාගෙන ඉන්න බැරි වුණු මිස්ටර් වන්ග් ශානුගෙ දෙතොල් අල්ලගත්තෙ ශානුට හිතාගන්නවත් බැරි වෙලාවක. මෙපමණ කාලයක් ශානුගෙන් වෙන්වෙලා හිටිය හැටි මතක් වෙනකොට තවත් එයාට එයාගෙ හිතේ තිබ්බ හැඟීම් ෂානුට නොකියා බැරිවුණා.

💚 මං බදින්නෙ නෑ.

ශානුගෙ දෙතොල් පහසින් මිදුන මිස්ටර් වන්ග් එහෙම කියද්දී ඇස් ලොකු කරගත්ත ෂානු මිස්ටර් වන්ග් කියන දේ අදහන්න බැරුව වගේ බලාගෙන හිටියා.

❤ ඇත්තමද?

💚 හ්ම්ම්..

❤ඒත් ඇයි?

💚මං කැමති නෑනේ.

❤කාටද?

💚මගේ ෆියොන්සේට.

❤ඇයි ඒ

💚මම වෙන කෙනෙකුට කැමතියි. ගොඩක් ගොඩක් ගොඩක් කැමතියි.

❤කවුද ඒ?

එහෙම කියද්දි නම් ෂානුගේ මූණ ඉරිසියාවෙන් පිරුණා.

💚ඔයා ඇඳෙන් බැහැලා කන්නඩිය ගාවට ගිහින් බලන්න. අන්න එයාට තමයි කැමතියි හිතුනෙ.

❤ඔයා බොරු කියන්නෙ.

💚හා .එහෙම හිතාගන්නකෝ.

❤ඔයා මාව රවට්ටනවනේ?

💚රවට්ටල මට මොනවද හම්බවෙන්නේ?

❤මං දන්නෑ. ඒත් ඔයා මාව රවට්ටනවා.

💚හා.  එහෙනම් කැමති විදිහකට හිතාගන්න.

ඒ පාර නම් මිස්ටර් වන්ග්ට හොඳටම කේන්ති ගියා.

එයා ශානුව අත ඇරලා ඇඳෙන් බිමට බහින්න අඩියත් තිබ්බා. ඒත් ෂානු ඊට කලින් ඉස්සර උනා. ශානු එයාගේ අත් දෙකෙන්ම මිස්ටර්  වන්ග්ව අල්ලගත්තා.

❤දාලා යන්න එපා අනේ. ඔයා ඇඳෙන් බැහැලා යද්දි මට හිතෙන්නේ කලින් පාර වගේ මට කාත් කවුරුවත් නැතිව හැමදේම නැතිවෙලා ගෙදර යන්න වෙයි කියලා.

ඒ වචන වලට නම් මිස්ටර් වන්ග්ගේ හිත හිරිවැටිලා ගියා. මොකද මේ වෙනකොටත් ශානු කියන්නේ මිස්ටර් වන්ග්ගේ ජීවිතේ නැතිවම බැරි දෙයක් වෙලා ඉවර නිසා.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 10 ⏰

Add this story to your Library to get notified about new parts!

හුස්මWhere stories live. Discover now