33 වන පරිච්ඡේදය

219 37 11
                                    

💚 මේ කෑම කෑවොත් මං හොඳ ආරංචියක් ඔයාට දෙනවා.

ඒක ඇහුව මම ඉක්මනට ඉඳගත්තා. කට පිච්චුනා උනත් උනු උනුවෙම මම සුප් එක බිව්වා. ඒත් එයා ඇහුවේ මං හිතුවෙ වත් නැති ප්‍රශ්නයක්.

💚 ඇයි ශානු උබට මාව දාලා යන්න මෙච්චර හදිස්සි?

මං හිතන්නේ මගේ වටේ තිබ්බ හැමදේම එකපාර නැවතුනා වගේ හැඟීමක් මට දැනුනා. මට එයාව දාලා යන්න කිසිම හදිස්සියක් නෑ. මට එයා ලග ඉන්න ඕනේ. ඒත් මට යන්න ඕනේ ආච්චා බලන්නත්. මොකද මම වැඩට යන්නේ නැතුවනේ ආවේ. ආච්චට කියලා ආවෙ නෑ. ඉතින් එයා බය වෙලා මාව හොයනවා ඇති.

❤ සර්, ඇයි එහෙම කියන්නේ?

බැරිම තැන මං එයාගෙන් ඇහැව්වා.

💚 ඉක්මනට යන්න හින්දනේ ඉක්මනටම කන්නේ?

❤ මං නොගිහින් කොහොමද? ආච්චා බලාගෙන ඉන්නවනේ. මං ගෙදරට කියලා ආවෙත් නැහැ .

💚 ආච්චා විතරද බලන් ඉන්නේ?

❤ ම්හ්...???

💚 වෙන කවුරුවත් බලන් ඉන්නෙ නැද්ද?

❤ මට වෙන කවුරුත් නෑනේ.

💚 එහෙනම් ආච්චාට කිව්වොත් ඔයා මෙහෙ ඉන්නවද?

❤ ඇයි මං මෙහෙ ඉන්නෙ?

💚 මං ඉන්න කියන නිසා.

❤ එහෙම හරි නෑනේ.

💚 මොකක්ද හරි නැත්තේ?

❤ නෑ. මං මෙහෙ ඉන්න එක.

💚 නෑ. ඔයා මෙහෙ ඉන්න එක කිසිම අවුලක් නෑ. මංනෙ ඉන්න කියන්නේ.

❤ ආ.. .. ඒත් අර ඇන්ටි මට බැන්නනේ?
එයා තමයි ප්‍රශ්නේ.

💚 කවුද ඇන්ටි?

❤ සර්ගේ ෆියොන්සේ කියලා කිව්වේ.
එයා ඉන්න නිසා බ්‍රයන් අයියා මට හොස්පිටල් එකට එන්න දුන්නෙත් නෑ. නැත්තම් මන් හොස්පිටල් එකට ඇවිත් සර්ව බලලා යනවනේ.

💚 ඇයි එයා ඔයාට මොකක්ද කළේ?

❤ එදා ඔයා නැතිවුණු වෙලාවෙ මාව පොලිසියට අරන් ගියා නේ. එයා එතනදි මට හොඳටම බැන්නා . පොඩි වයසක කෙනෙක් වෙලත් ලොකු මනුස්සයින්ට ඉන්න දෙන්නෙ නෑ කියලා කිව්ව. Whore කියලත් කිව්වා.

හුස්මحيث تعيش القصص. اكتشف الآن