50 වන පරිච්ඡේදය

153 27 21
                                    

අනේ දෙවියනේ මට පුළුවන්ද මේවා අහන් ඉන්න?
එයාගේ wedding එක. එයාට පුළුවන්ද මාව අත්හරින්න. අඩුම එයාට මාව මතකවත් නෑ . අඩියක් ඉස්සරහට තියද්දී අඩි දහයක් විතර පස්සට ඇදිලා ගිහිල්ලා මාව. ඇස්වලට ආව කඳුළු මේකප් එක හෝදගෙන පල්ලෙහාට වැටෙද්දී මම ඔලුව ඉස්සුවේ කඳුළු මූණට වැටුනහම මේකප් එක හේදෙන නිසා. ජැකට් එකේ තිබ්බ ටිෂූ එකෙන් ඇස් වල තිබුණු කඳුළු නවත්තන්න හදනකොට කවුදෝ මන්ද දොර ඇරියා ඇහුන. මම හිටියේ කන්නඩිය ළඟ නිසා ආවේ කවුද කියලා බලන්න මට හැරෙන්න අවශ්‍ය වුණේ නෑ. ඒ වෙන කවුරුත් නෙමේ මිස්ටර් වන්ග්. ඉක්මනට මගේ හැඟීම් වෙනස් කරගන්න මට ඕන වුණත් මං හිතන්නෙ මං ගොඩක් පරක්කුයි.

💚 අහ්.. මේ ඉන්නේ...

ලස්සන හිනාවක් දීගනම එයා මං ළඟට ආවා.
මට කියාගන්න දෙයක් නැති වෙද්දී මම හරිම අමාරුවෙන් මගේ මූණේ තියෙන කඳුළු ඉක්මනට ඉක්මනට පිහාගන්න පටන් ගත්තා.

💚 ඔහොම කලොත් නම් මේකප් එක යයි. හෙමින් පිහාගන්න. ඔයාගේ ෆෝන් එක අමතක වෙලා ගිහිල්ලා. මං ඒක අරගෙන ආවේ.

එයාගේ අතේ තිබ්බ ෆෝන් එක මට දික් කරනකොට තමයි මට මතක් උනේ මං ෆෝන් එක මේස උඩ දාලා ආවා කියලා. දෙවියනේ මෙයා ලොක්ස්ක්‍රීන් එක දැක්කද?නෑ මං හිතන්නේ නෑ

❤ මිස්ටර් වන්ග්ට මං නිසා කරදරයිනේ. අපරාදෙන ඕක මැනේජර් දෙන්න තිබ්බනෙ.

💚 අහ්.. නෑ මම wash room එකට ආව නිසයි අරන් ආවේ.

❤අහ්..

💚 මං ආව එකෙන් ඔයාට කරදරයක් වුණා කියලයි මට හිතෙන්නේ.

එයා මූණ හරිම අමුතු කරගෙන මගෙන් එහෙම අහද්දි මං කලබල වුණා.

❤ අහ්...එහෙම නෑ මිස්ටර් වන්ග්.

හරිම බැරෑරුම් පෙනුමක් මූණට අරගෙන මගේ දිහාම බලාගෙන හිටියා

💚මට අහන්න පුළුවන්ද ඔච්චරටම අඬන්න මොන කාරණයද අපේ සාකච්ඡාවෙන් ඔයාගේ හිත රිදෙව්වේ කියලා.

❤ ආ.. නෑ මිස්ටර් වන්ග්..මම මේ ජැකට් එක ගලවන්න ගිහිල්ලා එක චුට්ටක් හිරවෙලා . අතින් අදිනකොට මගේ ඇහේ වැදුන ඇඟිල්ල. ඒකයි

හුස්මDonde viven las historias. Descúbrelo ahora