55 වන පරිච්ඡේදය

124 23 9
                                    

මුහුණ දිගේ ඇදිලා යන ඇඟිලි කීපයක ස්පර්ශය නිසා මගේ නින්දට බාධාවක් ඇතිවුණා. මට ඕනි උනේ නෑ ඒ සනීප නින්දෙන් නැගිටින්න. හැබැයි මගේ මූණේ යන ඇඟිලි කිව්වෙම නැගිටින්න නැගිටින්න කියලා. තවත් ටිකක් ඇඟේ හිරි කඩලා එහෙම තවත් නිදාගන්න ලෑස්ති උනා. ඒත් ඒ එක්කම කනට ඇහුන ඒ කටහඬ නිසා මම ගැස්සිලා හැරුණා. ඒත් මට හැරෙන්නවත් බැරි තරම් මගේ මුළු ඇඟම රිදෙන්න ගත්තයින් මට කිසිම දෙයක් කතා කරගන්න බැරුව ගියා. ඇස්වල කඳුළු පිරුණේම යටි බඩින් නැගෙන වේදනාව නිසා වෙද්දි මට උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව කියලා.

💚ශානු....

ඔයාට නැගිටින්න අමාරුයි පොඩ්ඩක් ඉන්න වෙනව.

එයා ඉන්නවා මං ළඟටම වෙලා. එයා මගේ ඉනට අතක් දාලා මාව ටිකක් කෙලින් කලා. අම්මෝ මට නම් බැහැ. ඒ තරම් කැක්කුමයි.

ආ මේ පේන්කිලර් එක බොන්න.

ඔව් ඉතින් ඊයෙ රෑ කරපු දේවල් වල හැටියට මෙහෙම ජීවත් වෙලා ඉන්නවා කියන එකත් ලොකු දෙයක්.

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.මං මේ කොහෙද ඉන්නේ?, අපි ඊයෙ රෑ හිටිය හොටෙල් එකේ නෙවෙයිද ඉන්නේ?

මගේ ඔළුවේ ප්‍රශ්න වැලක් ඇඳිල තියෙද්දි මං එයාගේ මූණ දිහා බලාගෙන හිටියා. අපි ඉන්න එයාගේ විලා එකේ .  දෙයියනේ ඔව්මයි. මං එයාගේ මූණ දිහා බලාගෙන ඉද්දි ඒක එයා අනුමත කරන්න වගේ ඔලුව වැනුවා. මං කිසිම දෙයක් කිව්වෙ නෑ.  එයා මාව කොට්ටෙකට හේත්තු කළා.

එයා මගෙ අතට දුන්න පේන් කිලර් එක කටට දාගත්තේ එයා වතුර පොවන්න බලන් උන්න නිසා.

ශානු ... හුගක් අමාරුද?

මට ඕනි උනේ නෑ එයාගේ හිත රිද්දන්න. ඒක නිසා අමාරු නෑ කියන්න මං මගේ ඔලුව දෙපැත්තට වැනුවා.

💚ශානු last night i lost my control. But i don't want to say sorry .   Because i will take the responsibility.

මං හිතන්නේ එයාගේ රළු කටහඬ ආයෙත් ඇවිල්ලා තිබ්බා. ඊයේ හිටිය දඟකාරයා නම් එතන හිටියේ නෑ. මං එයා දිහා බලාගෙනම හිටියා. මට නිකන් දැනෙනවා පරණ හැටිය කෙනාම ආයෙත් ඇවිල්ලා කියලා. හැබැයි ඒ හිටපු කෙනාටත් මං හරිම කැමතියි. මගේ ඔලුව විකාරයක් වෙලා යද්දි එයා නම් මිනිත්තුවක් වත් මගෙන් ඇස් එහාට ගත්තේ නෑ.

හුස්මWhere stories live. Discover now