2

1.2K 237 145
                                    

"Good morning අයියේ!
හොඳට පාඩම් කරන්න.
Congratulations!
Good luck!
God bless you!
Good bye!"

මං හැදුවෙ ආයෙම බැල්කනියෙන් එහා පැත්තට හැරිලා ගෙදර දුවන්න. මේ ඌරු තඩියා මාව කෑමටවත් ගත්තොත් නැත්තං. ඒත්,

"ආ...ව්!"

මේ යකාත් අපේ අම්මා වගේම කන ඇඹරුවා අනිත් පැත්තටම.

"උඹ හොරෙක් නේද?
ගෙදර කවුරුත් නැති වෙලේ ගේ අස්සට පනින්න නේද හැදුවෙ?"

"න්.. නෑ අයියෙ!
මං.. මං මේ ළමයෙක්!"

"ළමයි බැල්කනි දිගේ ගෙවල්වල්ට එනවද? උඹ ඇවිල්ලා හොරෙක්!
මෙන්න මෙහේ එනවා.
I should call the police!"

මේ ධ්‍යාන්කාරයා ඉස්කෝලෙ 6ට යනකල්ම රටනෙ ඉඳලා තියෙන්නෙ. ඒ නිසා මූ සිංහල කතා කරන්නෙත් අමුතුවට. ඒ අස්සට ඉංග්‍රීසි කෑලිත් දානවා. හරිම පොශ් කියලා තමයි පෙන්නන්න හදන්නෙ!
මේවා ඇවිල්ලා මල විකාර!

"නෑ නෑ අයියෙ!
සද්දයක් ඇහුනා.
ඒකයි මං ආවෙ. ගෙදර කවුරුත් නෑ කිව්වනෙ අම්මා ඊයෙ.
ඒක නිසා මේ කරදරයක්වත්ද කියලා බැලුවෙ"

"අම්මා? ඇයි උඹලගෙ පවුලම හොරුද?
අනික උඹ කවුද? මං කලින් උඹව දැකලත් නෑ. අර oliver twist එකේ වගේ ගෙවල් කඩන්න ආපු එකෙක් නේද උඹ?
කියනවා ඉතින් මොකාද වගේ බලං නොයිඳ!
Or shall I call the police?"

යකෝ මූ!!!
දවස් ගනන් මේ ගේ අස්සෙම ලැගගෙන හිටපු මාව දන්නෙ නෑ කියන්නෙ!
මුදුම ප# ලයින් තමයි මේව නම්!
හැබැයි එක්කො මුගේ ඔළුව විකල් වෙලා ඇත්තෙ දැන් විභාගෙ ගැනම හිත හිත ඉඳලා. ඒ නිසා වෙන කිසිම දෙයක් ඔළුවට යන්නෙ නැතුවැති.
පව් අසරණයා!

හැබැයි ඒවා මේවා කොහොම වුනත් දැන් නම් එන පොට හරියන්නෙ නෑ. පොලීසියට කිව්වත් කමක් නෑ. අපේ අම්මා මේවා දැනගත්තොත් මං විනාසයි.
බයටම මගේ ඔළුව කැරකෙන්න වගේ ගත්‍තා. අත පය පණ නැති වෙලා මං බිමටම ඇදගෙන වැටුනා.

"Hey! Get up little man!
මාත් එක්ක සෙල්ලම් කරන්න එපා!"

අනේ වැඩේමයි මේ ඌරු මොටා එක්ක සෙල්ලම් කරන්න! පොත්වල කුරුටුගාන එක ඇරෙන්න වෙන මොනාද දන්නෑ මේ අලි ඔළුවා දන්නෙ? පුටුවක වාඩි වෙලා පස්ස රත් කරගන්න දන්නවා ඇති ඕන්නං.

මානස (Completed)Where stories live. Discover now