65

423 92 120
                                    

ඉතින් අපේ ඒ ලස්සනම ලස්සන පළවෙනි දවස එහෙම ගෙවිලා ගියා.
එදා මං කොහොම නිදාගත්තද කියලා මට මතකත් නෑ.
මං හිතන්නෙ අයියත් එක්ක කතා කර කර ඉන්න අතරෙ ඉබේම නින්ද යන්නැති.

කොහොම වුනත් පහුවදා උදේ පාන්දරින්ම මට ඇහැරුනා.
ඉතින් පොත් ටිකත් මෙට්ටෙ උඩටම ඇදලා අරන් මං වැඩ කරන්න පටන් ගත්තා.

මෙහෙම අයියගෙ ලඟ ඉඳන් වැඩ කරද්දි මාරම සනීපයි. එයාගෙ ඇඟේ හොඳටම ගෑවෙන විදියට මං තවත් ටිකක් එයාට හේත්තු වුනා.
අයියා නින්දෙන්මද කොහෙද අතක් මගේ ඉණ වටේට දාගෙන මාව තුරුල් කරගත්තා.
මගේ ඉනට සීතල තොල් දෙකකුත් තද වුනා.
දිව්‍ය ලෝක සැප කියන්නෙ මෙන්න මේවට!!!
මොනවා නැතත් මොකද හැමදාමත් මගේ angel එක්ක මෙහෙම ඉන්න තියෙනවා නම්.

"Living in a world so cold
You are there to warm my soul
You came to mend a broken heart
You gave my life a brand new start and now
I'm in love

You took my heart away
When my whole world was gray
You gave me everything
And a little bit more
And when it's cold at night
And you sleep by my side
You become the meaning of my life

Holding your hand
I won't fear tomorrow
Here were we stand
We'll never be alone"

Phone එකේ ඇහෙන නෑහෙන ගානට සින්දුවකුත් දාගෙන ඒකත් මුමුණ මුමුණම මං ගණන් හදන්න පටන් ගත්තා.

මගේ angel මෙන්න මෙහෙම මගේ ලඟම ඉද්දි මට බය වෙන්න දෙයක් නෑ තමයි.
වෙනදට පොතක් අල්ලන්න කම්මැලිකමේ ඔහේ මොකාද වගේ බලාගෙන ඉන්න මං,
මේ උදේ පාන්දරම නැගිටගෙන පොත් ගොඩකුත් බදාගෙන ඉන්නවා කියන එක මටම අදහගන්නත් අමාරුයි.
ඒත් ඉතින් මගේ angel, ඔයා වෙනුවෙන් මං ඕනෙම දෙයක් කරනවා.

අනික තමයි, ඔයා වෙනුවෙන් කරන දේවල් එහෙම කම්මැලිකමෙන් එපා වෙලා වගේ කරන්න ඕනෙත් නෑ.
ඔය හිනාව දකිද්දි ඕනෙම දෙයක් කරන්න ආස හිතෙනවා.
ඕනෙම දෙයක් කරන්න පුදුම හයියකුත් ලැබෙනවා.
ඉතින් පහුගිය කාල ගැන හිත හිත දුක් වෙන්න දෙයක් නෑ.
අපි දෙන්නම එකතු වෙලා අපේ හීන වලට අනිවාර්යයෙන් යනවම තමයි.

මගේ ලස්සන angelගෙ නලල, කම්මුල්, ඇඟිලි, හැමතැනම සැරින් සැරේ kiss කරන අතරෙම මං පාඩමත් කරගෙන ගියා.
ටිකකින් angelත් නැගිටලා මට තේ හදාගෙන ආවා.
එයාගෙ ඉණ වටේට අත දාලා එයාව තුරුල් කරගත්තම ඊයෙ වගේම අදත් මට එයා තේ එක පෙව්වා.
සැපයි දෙයියනේ!!!
හැමදාම මෙහෙම ජීවත් වෙන්න ලැබෙනවා නම් කොච්චර පාඩම් කරන්න වුනත්, කොච්චර විභාග තිබුනත් කමක් නෑ.
මං කිසිම මැසිවිල්ලක් නැතුව ඒ සේරම කරනවා.

මානස (Completed)Where stories live. Discover now