79

478 95 168
                                    

මං මගේ සීනියර් කෝරියෝග්‍රැෆර් ලඟ දිගටම ට්‍රේන් වුනා.
ඒ කාලෙ ඇතුලත මට ලැබුන අත්දැකීම් මෙච්චරයි කියලා මනින්න බෑ.

මගේ ප'ෆෝමන්සස්වල අඩුපාඩුකම් හැදුනා.
ස්ටේජ් ප'ෆෝමන්සස් වලට තිබුන බය නැති වුනා.
මිනිස්සුන්ව අපේ ප'ෆෝමන්ස් එකට ඇදබැඳලා තියාගන්න එක එක ටෙක්නික්ස් ගැන ඉගෙනගත්තා.
මට මං ගැන කන්ෆිඩන්ස් ඇති වුනා.
කෝරියොග්‍රැෆි මගේ පැශන් එකක් වුනා.
සෙට් එකක් එක්ක එකට වැඩ කරන්න පුරුදු වුනා.
ඔහොම මගේ අනාගතේට ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් හුඟාක් මං ඉගෙනගත්තෙ මේ කාලෙ.

ඇත්තටම ජීවත් වෙන්න අරගලයක් කරන්න වුවමනාවක් නොතිබුන නිසාම මට මගේ කැරියර් එකට ප්‍රයෝරිටි දෙන්න පුළුවන් වුනා.
මොකද මගේ රූස්ස ගහ මාව එදා වගේම ආදරෙන් බලාගත්තා.
මාව මලක් වගේ පරිස්සම් කලා.
මට ඕනෙ හැමදේම හිතන්නත් කලින් මගේ කකුල් දෙක ලඟටම ගෙනත් දුන්නා.

ඩාන්සිං කරන්න ඕනෙ කරන එක එක විදිහෙ ශූස්!
එතකොට නටද්දි වැටිලා මට රිදෙයි කියලා බය වෙලා නී ගාඩ්ස්, එල්බෝ ගාඩ්ස්!
මම ඩිසයින් කරන ඩාන්සිං අයිටම්ස් වලට මැච් වෙන ඇඳුම්!
ඔය වගේ කිසිම දේකින් මට අඩුවක් තිබුනෙ නෑ.

ඔක්කෝමත් අස්සෙ අපේ ගෙදර තිබුන ලොකුම කාමරේ එයා වෙන් කලෙත් මට.
ඒ මගේ ඩාන්සිං ස්ටුඩියෝ එකලු!
ඊටපස්සෙ ඒකට ඕනෙ කරන බඩු එකින් එක අරන් කාමරේ ගානට ඉක්විප් කරන එක තමයි අයියගෙ ලොකුම විනෝදාංශය වුනේ.

මට ස්ට්‍රෙචිං එක්සසයිසස් කරන්න ඕනෙ එක එක බඩු,
එතකොට හොඳ කාපට්ස්,
සපත්තු ජාති
ඕවා ඔක්කෝන්ටම අමතරව එයා සද්දන්ත් ෆස්ට් ඒඩ් බොක්ස් එකකුත් ඒක ඇතුලෙ හැදුවා.
ඒකෙ පුරවපු ජාතිවල හැටියට බය වෙන්න කිසිම දෙයක් නෑ.
මුළු එංගලන්තෙම ඉන්න සේරම ඩාන්සර්ස්ලා ටිකට වුනත් අඩුපාඩුවක් නැතුව බෙහෙත් සපයන්න අපිට පුළුවන්!

ඉතින් මෙහෙම ඉන්න අතරෙ තමයි ස්ට්‍රීට් ඩාන්සිං ගැන කරන ෆිල්ම් එකකට මං වැඩ කරන කෝරියෝග්‍රැෆර්ට ඉන්විටේශන් එකක් ලැබුනෙ.
එයා ඒක ඇසෙප්ට් කරපු නිසා මටත් එයත් එක්ක ඒ මූවි එකට සම්බන්ධ ඉඩ සැලසුනා.
හැබැයි ඉතින් මේකෙ තිබුන එකම ප්‍රශ්නෙ අපිට ෆිල්ම් එක ශූට් කරන ලොකේශන් එකට යන්න සිද්ද වෙනවා.
මාස ගානක් එතන නතර වෙන්න වෙනවා.

මානස (Completed)Where stories live. Discover now