43

406 105 65
                                    

"මගේ!
ෆෝන් එක!
මට දෙන්න!!!!!"

මං යටිගිරියෙන් කෑගැහුවා.
අම්මව තල්ලු කරලා දාන්න තරම් තරහයි මට. ඒත් මං දැන් එහෙම කලොත් මොනවයින් මොනවා වෙලා නවතියිද දන්නෑ.
මගෙ අතින් කවදාවත් හදාගන්න බැරි තරමෙ වැරැද්දක් වුනත් වෙන්න පුළුවන්.
ඒ නිසා මම තාමත් ඉවසනවා අම්මෙ,
ඒත් ඒක මගේ දුර්වලකමක් විදියට හිතන්න එපා!

"උඹට ෆෝන් නෙමේ බූරුවො දෙන්න ඕනෙ. උඹව හමගහලා මකවලා හදන්න ඕනෙ.
නැත්තම් ගඟක මූදක ගෙනිහින් දාන්න ඕනෙ තොලොංචි වෙලාම පල කියලා.
උඹලා නම් දරුවො නෙමේ මරුවො!
මොනවද මේ තියෙන්නෙ ආ???
උඹ මොනවද මේ කරලා තියෙන්නෙ?"

"Hello!!!!
Hello!!!
Teacher මාව ඇහෙනවද?"

අනේ දෙයියනේ අයියා!

"අයියෙ!
ඔයා මෙයා එක්ක කතා කරන්න ඕනෙ නෑ. ඔයා cut කරන්න.
මේ පිස්සු මනුස්සයෙක්!
එයත් එක්ක කතා කරලා වැඩක් නෑ!"

"ආ... ඇත්තද?
ඔව් ඔව්!
දැන් අපිට තමයි පිස්සු!
කොහේවත් ඉන්න ඇඟේ අමාරුකාරයො හරි හොඳ මිනිස්සු.

එතකොට මේ ඉන්නෙ අනිත් එකාත්!
ධ්‍යාන්!!!
උඹ හොඳ දරුවෙක් කියලා මං හිතාගෙන හිටියෙ. ඒකයි හිතේ කිසිම සැකයක් නැතුව මූට උඹත් එක්ක එහේ මෙහේ හැමතැනම යන්න දුන්නෙ.
ඒත් උඹ මොකද්ද මේ කරලා තියෙන්නෙ?
මේ පොඩි දරුවෙක් කියලාවත් හිතුනෙ නැද්ද?
මගෙ කොල්ලව විනාස කරලා දෙයියනේ උඹ!
ඒකගෙ ඔළුවට මොනවද මේ දාලා තියෙන්නෙ?"

"අම්මේ!!!
අයියා මොකුත් කලේ නෑ.
එයාට බනින්න එපා!!!"

අනේ මගේ අයියා!
හැමදාමත් මං වෙනුවෙන් හිටිය මගෙ අයියා!
එයා මෙහෙම කතා අහන්න ඕනෙ නෑ.
එයා තරම් හොඳ කෙනෙක් මේ මුළු ලෝකෙමවත් නෑ!
අම්මා මොනවද එයා ගැන දන්නෙ?
එයාගෙ ලඟට කිට්ටු වෙන්නවත් අම්මට පුළුවන්ද?

"Teacher,
ඔව් මං වැරදියි.
මගේ අතින් ලොකුම ලොකු වැරැද්දක් වුනා.
ඒත් තඹරුට බනින්න එපා.
එයාට සිද්ද වුනේ අසාධාරණයක්.
අර කුඩු පැකට් එකට එයාගෙ සම්බන්ධයක් නෑ!"

"කුඩු???
කුඩු ගැහුවා නම් තව නම්බුකාරයි දෙයියනේ මේ නටලා තියෙන නාඩගම්වල හැටියට!
අනේ දෙයියනේ අපිත් ඇස් කන් පියාගෙන හිටියනෙ මෙච්චර දෙයක් වෙනකල්!
මගේ කොල්ලා!!!
උඹ ඌට මොනවද කලේ ධ්‍යාන්???
මේවට නම් සහගහන එක ගහනවාමයි!!!.
අනේ තමන්ගෙ වැඩක් කරගෙන පාඩුවෙ හිටපු මගෙ කොල්ලා!"

මානස (Completed)Where stories live. Discover now