3

1.1K 216 118
                                    

"තඹරු සඳතැන්න..?"

Teacher කෑගහද්දි මට නැගිටින්නම වුනා. අර පුස් ඌරට නම් හොඳක් සිද්ද වෙන්න එපා මට කරන මේ වින්නැහි වලට.

"ආ... මේ සඳතැන්න teacherගෙ පුතා නේද?"

හරි ඉතින්!
දැන් විනාසයි!
මදි පාඩුවට හිටිය කෙනත් සීන් එකට enter වුනා. මං කලින් කිව්වෙ නෑනෙ නේද? අපේ අම්මත් කරුමෙට වගේ වැඩ කරන්නෙ මේ ඉස්කෝලෙමනෙ.
ඒත් මං නම් ගැම්මට ඉන්නෙ. අම්මට මං කියලා තියෙන්නෙ ඉස්කෝලෙ ඇතුලෙදි මාත් එක්ක කතාබහක් තියාගන්න එපා කියලා. මොන ලැජ්ජාවක්ද නැත්තම්!

"Ok then putha. We'll get ready with the speech. Thanks for the opportunity."

Teacher ධ්‍යාන්කාරයට කියද්දි ඌ කින්ඩි හිනාවක් දැම්මා මගේ පැත්තට. ඉන්නවකො පුස් ඌරො!
අද ඉඳන් මං උළුවස්සෙ එල්ලිලාමයි ඉන්නෙ. කොහොම හරි කරලා උස යනවා තමුසෙට වඩා. ඊට පස්සෙ ඔය මෝඩ මොලේ ගලවලා හොදි හදලා පාන් එක්ක කනවා!

"Excuse me teacher!"

මං එක පාරටම කෑගහද්දි සේරමලා මගේ පැත්ත බැලුවා.

"I can't do it!"

"Why not?"

"Because I don't like doing it! I don't like speaking!"

මගේ එහා පැත්තෙ එවුන් සන්නිය හැදිලා වගේ හිනා වෙනවා. මොන විගඩම්ද අප්පා මේවා. ඔක්කොටම මුල අර පුස් ඌරා. Supermanට අභියෝග කරන්න ආව කාලකණ්ණියා!

"Ok sit down Thambaru.
මං අම්මත් එක්ක කතා කරගන්නම්කො speech එක ගැන."

අනේ දෙවියනේ...
වහ නැද්ද මට කන්න!
අපේ අම්මා කොහොමද මේක අස්සෙ රිංගුවේ? දැන් එයා speech එක ගැන දැනගත්තම නම් මට ගෙවල් දොරවල් අතෑරලා යන්න තමයි වෙන්නෙ. අද ගිහින් කෝකටත් කියලා ඇඳුම් ටික එහෙම පැක් කරගෙන කැටේවත් කඩන්න වෙනවා ජීවත් වෙන්න සල්ලි හොයාගන්න.

ඒ අස්සෙ ඇයි අර පෝසත්තු කින්ඩි හිනා දාගෙන යද්දි දුප්පතාට මේ තරම් කරදර?
මේ ලෝකෙ සාධාරණයක් කියලා දෙයක් ඇත්තටම නැද්ද?

කොහොම හරි ඉතින් ධ්‍යාන්කාරයා මගේ හෙනහුරාව activate කරලා ගියා. Superman කියලත් වෙනසක් නෑ අපල පල දෙන්න ගියාම. Teacher කිසිම ගේමක් නැතුව අම්මගෙ කනත් ගිනි තියලා තිබුනා. ඉතින් ගෙදර ගිය වෙලාවෙ ඉඳන්ම මට කිසිම සැනසීමක් ලැබුනෙ නෑ.

මානස (Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang