25

726 136 154
                                    

මේ අයියට නම් ඇත්තටම දෙයියො මොලේ දීලා නෑ වැඩිය. ඒක නිසා මට තමයි මෙයාව බලාගන්න වෙන්නෙ හැමදාම.
ඒත් ඉතින් පණ්ඩිතයිනෙ.
උදව්වක් කරන්න කියලා ලඟට වෙලා ඉන්න හැදුවම ලෝකෙ නැති කතන්දර කියන්නෙ මහ ලොකුවට.

දැන් මේ බයිසිකලෙත් අරන් මහ රෑම කොළඹ යන්නද කොහෙද හදන්නෙ. ඊට පස්සෙ කකුල පෙරලිලා අඬන්න ගත්තම අඬන බබාලා නලවන්න වෙන්නෙ මටනෙ!
ඊට කලින් අයියව නවත්තගන්න එක තමයි ලේසි වැඩේ. නැත්තම් ඉතින් ගෑණු ළමයි වගේ කිස් කර කර ඉන්න වෙයි නලවගන්න කියලා රෑ එලිවෙනකල්ම.
අයියා නිසා ඉතින් එහෙම කිස් එකක් දුන්නා කියලා අවුලකුත් නෑ. හැබැයි ඕවා පුරුද්දකට තියාගන්න නරකයි!

"OhThambaru!
You made me jump!"

"Why?
Was something frightening you?
That's why you shouldn't come out alone at night.
But don't worry ayye, I'm at your service now!"

ඔන්න ඉතින් මගේ අයියා හිනා වෙනවා. රෑ කියලා නෑ මුළු වටපිටාමව එළිය වෙලා යනවා.
ඒ වුනාට පව් හැබැයි එයා!
මං එයාට බොරුවට බැන්නනෙ.
ඇත්තටම අම්මා කියන එක හරි.
තඹරු කියන්නෙ නරක ළමයෙක්!
ඒ වුනාට අයි‍යත් නරකයිනෙ.
එයාට කියන්න තිබුනනෙ,
Sarah is just an ordinary friend.
Thambaru is my best friend කියලා. එහෙම වුනා නම් මට තරහා යන්නෙ නෑනෙ.

සතියක් ගෙවා ගත්තෙ කොච්චර අමාරුවෙන්ද මං එයා නැතුව. වෙනදා වගේ කලින් ගෙදර ආවොත් එයා නැතුව පිස්සු හැදෙයි කියලමයි මං පරක්කු වෙලා එන්න ගත්තෙ.
අයියට නම් මොකද එයාට යාළුවො කොච්චර ඉන්නවද? දැන් අලුත් යාළුවොත් හදාගනියි.
මට යාළුවො ඉන්නෙ ඉස්කෝලෙදි විතරයිනෙ. ගෙදර ආවට පස්සෙ සෙල්ලම් කරන්න කෙනෙකුත් නෑ, කාගෙවත් ගෙදරක යන්න විදියකුත් නෑ. අනික ඉතින් කවුරු හිටියත් එයාලා අයියා වගෙත් නෑ.

"So friends again?"

අයියා හිනාවෙවීමයි අහන්නෙ. එතකොට එයාගෙ කම්මුලක් ලාවට වල ගැහෙනවා. ඇස් දෙක හීනි වෙනවා.
මූණ දිලිසෙනවා.
මගේ ලස්සන හිනාමල!

මෙයාව නම් කවුරුහරි උස්සගෙන යන්න සෑහෙන ඉඩක් තියෙනවා මේ රෑ මැද්දෙ  පාරෙ ගියොත්. ලයිට් බිල් ගෙවන්න දෙයක් නෑනෙ ගෙදර තියාගත්තම.
සේරසිංහ uncle මෙච්චර පෝසත් වෙලා තියෙන හැටි මට හිතාගන්න පුළුවන්.
ඒක තමයි මං අයියව හම්බවෙන්න යනවට කැමතිත් නැත්තෙ එයා. බැරි වෙලාවත් මං අයියව අයිති කරගත්තොත් එහෙම එයාට හුලංනෙ.
ඒ වුනාට බලංඉන්නකො අංකල්,
මං ලොකු වෙලා ලස්සන ගෙදරක් හදලා අයියව ඒ ගෙදර නවත්ත ගන්නවම තමයි!

මානස (Completed)Where stories live. Discover now