5

984 191 112
                                    

බයිසිකලේට වැඩේ දීලා මං කෙලිම්ම ගියේ කැන්ටිමට. මේ වෙලාවට කවුරුත් නෑනෙ. ඉතින් ඇතුලෙ තියෙන චූටි මේසෙ වාඩි වෙලාම කාලා බීලා එන්න පුළුවන්. ඒත් වඩේ දෙකයි නෙක්ටො එකයි ගත්ත මං නිවී හැනහිල්ලෙ කන්න පටන් ගත්තා විතරයි එතෙන්ට හෙනහුරා වගේ කඩාපාත් වූනා අපේ teacher.
ඒ කිව්වෙ පන්තිභාර teacher!
මගේ මුළු ජාතකේම ගැන දන්න teacher!

මලකෙලි දහයයි ඉතින් දැන්.
හැබැයි එහෙමයි කියලා මේ necto එක දාලා නම් දුවන්න බෑ කොහොමටවත්. ඉතින් ඔන්නොහෙ කියලා ඒකත් උස්සගෙනම දුවන්න ගත්තා ඒ නිසා.

"ඒයි ඒයි පුතා!
ඔය බෝතලේ තියලා යන්න!"

ඒ අස්සෙ කැන්ටිමේ ඇන්ටි කෑගහනවා කටට රේඩියෝ එකක් සෙට් කරලා වගේ. මීට වඩා හොඳයි ඉතින් ටවුමෙ හන්දියෙ loud speaker එකක් එල්ලලා මාව ඒකටම තියලා බැඳලා ප්‍රදර්ශනේට තිබ්බා නම්.
වර්ග කිලෝමීටරයක් විතර ඇතුලෙ හිටපු හැම එකාම මගේ දිහා බැලුවෙ නිකං මේ මහා දේහදාරී පුරුශයා මොකාද කියලා බලන්න වගේ.

කරන්න දෙයක් නෑ මිනිස්සුනේ!
බලන්න විතරයි ඉඩ දෙන්න පුළුවන්. මේ අසහාය පුරුශයාට කරදර වගේම වගකීම් ගොඩාක් වැඩියි. ඒ නිසා ඔබ සියළු දෙනාගේම ආචාර සමාචාර පිලිගන්න ගමන් දුවන්න විතරයි පුළුවන්.

"තඹරු! තඹරු!!"

හපොයි දෙයියනේ! දැක්කා නේද මාව!
එහෙමයි කියලා නවතින්න හොඳ නෑ.
බීම බෝතලේ කටේ ගහගෙනම මං ඉස්කෝලෙ පුරා දිව්වා.
අන්තිමේ ටොයිලට් එක අස්සට රිංගලා තමයි පොඩ්ඩක් විතර හති ඇරියෙ.

අද නම් මහා එපා කරපු දවසක්!
අර පුස් ඌරවද මන්දා උදේ පාන්දරම දැක්කෙ. නැත්තම් මෙහෙම වෙන්න වෙන හේතුවක් නෑ.
දැන් ඊලඟ පීරියඩ් එකේ ඉංග්‍රීසි. ඒකෙදි කැන්ටිමේ මොකද කරේ කියලා අහයිද දන්නෑ teacher.
එකාතකට ඕවට උත්තර දෙනවට වඩා හොඳයි ඊලඟ එකත් කට් කරලා library යනවා. ඒකෙ තිබුනා marvel comics වගයක්. සුපර් මෑන් තමන්ගෙ ඉතිහාසය, වගතුග ගැන දැනගෙන ඉන්න එක කොහොමත් වැදගත්නෙ ඉස්කෝලෙ වැදි බණ ඉගෙන ගන්නවට වඩා.

අන්තිමේ ඉතින් කොහොම හරි මං පන්තියට ගියේ interval එකේ. ඊලඟට මොනාද දන්නෑ තියෙන්නෙ. ගෙදර වැඩ දීපු එකක් නම් ඒකටත් ටටා බායි කියන්න තමයි වෙන්නෙ.
මේ පෘථිවිවාසීන්ට මොලේ නෑනෙ. ඉස්කෝලෙ එන්නෙ ඉගෙන ගන්න. එතකොට කියලා දෙන මගුලක් ඉස්කෝලෙදි කියලා දීලා ඉවරයක් කරලා දාන්න ඕනෙ. ගෙදර තියෙන්නෙ ෆන් එකේ ඉන්න. ඉස්කෝලෙ teachersලගෙ නොහැකියාවට කරගන්න බැරි වෙන වැඩ ගෙදරදි කරන්න දෙන එක මහා අසාධාරණයක්.
මං වගේ ලෝක වීරයොන්ට කොහොමටත් අසාධාරණයක්.
ඇයි දෙයියනේ කීයක් කීයලා දේවල් මේ ඔළුව ඇතුලෙ තියාගෙන ඉන්නද?
Supermanට වුනත් ඉතින් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා.

මානස (Completed)Where stories live. Discover now