63

380 87 90
                                    

"අයියේ..
අනේ මීරට මොකක් වුනාද දන්නෑ.
තාම මට මේක ඇත්ත කියලා හිතාගන්නත් බෑ.
බැරි වෙලාවත් වෙන කවුරුහරි විල්සන්ව මරලා මීරව අහුකලාවත්ද?"

"Hmm...
I don't know.
It might be a possibility.
But what do you want to do now patiyo?
Do you want to go and meet your friend?"

අයියා නම් ඇත්තටම මනුස්සයෙක් නෙමෙයි.
දෙවියෙක්!
නැත්තම් කාටද මේ වගේ වෙලාවක මෙච්චරම මගේ හිත තේරුම් ගන්න පුළුවන්!
ඒත් අයියෙ කවුරු නිසාවත් ඔයාට කරදරයක් වෙන්න දෙන්න නම් බෑ මට.

"I don't know ayye?
Is it safe?
Whatever it is I don't want you to get in trouble!"

"I feel the same about you!
So.. let's first find out what has happened.
Then if there's anything we could do about your friend, let's do it."

පේනවනෙ ඉතින්!
මෙහෙම මිනිස්සු මේ ලෝකෙ කොහෙද ඉන්නෙ?
වෙන කෙනෙක් වුනා නම්, අපෝ ඔහොම මිනිස්සු එක්ක ආශ්‍රයක් තියාගන්නෙ නැතුව ශේප් එකේ අයින් වෙන්න කියයි.
අපේ ප්‍රශ්න මදිවට තව අනුන්ගෙ ප්‍රශ්නත් ගොඩ ගහගන්නෙ මොන මගුලකටද කියයි.
ඕනෙම නම් අපේ ප්‍රශ්න විසඳගෙන අනික් එවුන් ගැන බලමු කියයි.
එහෙම මිනිස්සු ඉන්න ලෝකෙක අයියා කියන්නෙ මැණිකක්!
හැම තැනකටම සුවඳ පතුරන ලස්සනම ලස්සන අහිංසක නෙළුම් මලක්!

ඉතින් අපි වෙච්ච සිද්දිය ගැන හොයන්න ගත්තා.
මේ පත්තරේ සතියකට විතර කලින් එකක්. ඒ කියන්නෙ මේ ලඟදි තමයි හැමදේම වෙලා තියෙන්නෙ.
අපි දෙන්නම රට තොට විස්තරයක් ගැන ආසාවට හොයලා බැලුවෙ නෑනෙ මේ ටිකේම අනාගතේ plan කර කර හිටියා මිසක්.

කොහොම වුනත් Internet ගියාම නම් සේරම විස්තරේ මිරිස් තුන පහ එක්කම තිබුනා.
හැබැයි ඒ  විස්තරේ කියෙව්වම මගේ ඇඟේ මයිල් කෙලින් වුනා.
මොකද විල්සනයව විතරක් නෙමෙයි මීරා මරලා තියෙන්න,
ඌ උගේම තාත්තාවත් මරලා!
දෙන්නවම මරලා දාලා තියෙන්නෙත් ලේසි පාසු විදියකට නෙමේ.
කැත්තෙන් කොටලා!

මීරා තමන්ගෙ වැරැද්ද පිළි අරන් පාපෝච්චාරනය කරලා තිබුනා.
එතකොට මීරගෙ අම්මා කට උත්තරයක් දීලා තිබුනා විල්සනයයි, තාත්තයි අම්මටයි නංගිටයි කරදර කරන්න හදද්දි එයාලව බේරගන්නයි මීරට එහෙම කරන්න සිද්ද වුනේ කියලා.
ඇත්තටම විස්තරේ කියවලා මීරට දොස් කියන මිනිස්සු හිටියෙම නැති තරම්.
අම්මවයි නංගිවයි බේර ගත්ත වීර පුතෙක් කියන තත්වෙ මීරට ලැබිලා තිබුනෙ.

මානස (Completed)Where stories live. Discover now