18

714 166 192
                                    

සීතලම සීතලක් ඇඟට දැනෙද්දි මං පුළුවන් තරම් ගුලි ගැහෙන්න බැලුවා. ඔළුව හිරි වැටිලා වගේ. මූණෙ පැත්තක්ම රිදෙනවා ඉවසගන්න බෑ.
මොකද්ද මට වුනේ?

මං ඇස් දෙක අරින්න හැදුවට ඇරගන්නත් බෑ.

"ම්....හ්!"

කැක්කුමටම මට කෙඳිරිත් ගෑවුනා.

"Thambaru...?"

ඒ අයියා නේද?
ඒ කොහොමද?
එතකොට මේ මං කොහෙද ඉන්නෙ?

මං ඉන්නෙ නම් උකුලක් උඩ.
ඇත්තටම අයියගෙ උකුල උඩ.
එයාගෙ සුවඳටම මාව මත් වෙලා වගේ.

ඒ වුනාට ඇස් අරින්නවත් කතා කරගන්නවත් මොනවත්ම කරන්න බෑ. පුදුම විදියට රිදෙන්නෙ.
මගේ ඇස් වලින් කඳුළුත් ගලාගෙන යන්න ගත්තා.

මේක නම් ලැජ්ජාවක්.
Superman අඬන කොල්ලෙක් නෙමෙයි!

"Don't worry sweet heart
Nothing's gonna happen to you!
Everything's gonna be ok!
You are ok!
You are ok!
You are ok!
.............................."

අයියා එක දිගටම මන්තරයක් වගේ මතුරනවා යාන්තමට මට ඇහෙනවා.
I'm ok ayye!
Please don't worry!
කියා ගන්න ඕනෙ වුනත් මට කියාගන්න බෑ. එච්චරටම රිදෙනවා හෙල්ලෙන්නවත් බෑ.

ඔළුවයි බෙල්ලයි මූණ පුරාමයි සීතලට මොනවද වැක්කෙරෙනවා වගේ.
අයියා එයාගෙ අත් මගේ නලලට තද කරගෙන.
මොකද්ද ඇත්තටම වුනේ?
මං කොහොමද අයියා ලඟට ගියේ?

හැබැයි මොකක් වුනත් කමක් නෑ.
දැන් අයියා මගේ ලඟනෙ.
Car එකක නැගලා කොහේ හරි යනවා වගේ අපි.
සමහරවිට අයියා මාවත් එක්කගෙනම යනවද දන්නෑ!

මං අත උස්සලා අයියගෙ අතින් අල්ලගත්තා.

"Thambaru....
Are you awake?
Are you ok?
Can you feel me?
Can you open your eyes?"

අයියා මන්තරේ වෙනුවට ප්‍රශ්න පත්තරයක් අහනවා. ඔයා විභාග ශාලාධිපති කෙනෙක් වෙන්න අයියෙ ලොකු වෙලා. එතකොට හිතේ හැටියට ප්‍රශ්න අහන්න පුළුවන්.
නැත්තම් ලෝයර් කෙනෙක් වුනත් කමක් නෑ. කොර වෙලා යන්නම ප්‍රශ්න අහන්න පුළුවන්!

"නාලක!
ටිකක් ඉක්මන් කරලා යමු මනුස්සයෝ!!!"

ඒ අස්සෙ ඩ්‍රයිවර් අංකල්ටත් මෙයා කෑගහනවා.
කෑගහන්න එපා අයියෙ මගේ ඔළුව රිදෙනවා.
කියන්න ඕනෙ වුනත් කියාගන්න බෑ.
රිදෙනවා දෙයියනේ!
Supermanටත් මෙච්චර දෙයක් කරපු අඳුරු බලවේගෙ මොකාද?!!!

මානස (Completed)Where stories live. Discover now