21

712 148 130
                                    

එදා හවස restaurant එකකටත් ගිහින් බඩ පැලෙන්නම කාලා අපි ගෙදර ආවෙ. අයියා කියනවනෙ අම්මලා එන වෙලාව වෙද්දි මං ගෙදර ඉන්න ඕනෙ කියලා.
හැබැයි ඇත්තටම ගත්තොත් නම් අයියට තාම කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.
අපේ අම්මා කොහොමත් කැමතියි මං ගෙදර නැත්තං.
ඒ දෙන්නට නිදහසේ ඉන්න පුළුවන්නෙ ආපු වෙලාවෙ ඉඳන්ම ගිරිය පුප්පගෙන කෑගහන්නෙ නැතුව.

මටත් එතකොට අයියා ලඟට වෙලා ඉන්න පුළුවන් එයාව දුශ්ට නපුරොන්ගෙන් බේරගෙන.
කොහෙද ඉතින් ඒ වුනාට මේ අඬන බබාට ඒ වගේ වැදගත් දේවල් තේරෙන්නෙ නෑනෙ!

අයියා කිව්වා ගෙදර ගියාට පස්සෙ අනිවාර්යයෙන්ම නාන්නත් ඕනෙ කියලා. මගේ ඔළුවෙ ඉඳන්ම වැලිලු.
ඒත් අනේ වැලි ටිකක් තිබුනා කියලා මොකෝ ඔළුව ගෙවෙනවද?
ඕනෙම ගහක් හොඳට වැවෙන්නෙ වැලි ටිකක් පස් ටිකක් එහෙම වැටුනම. කොණ්ඩෙ වුනත් හොඳ ගණකමට වවාගන්න පුළුවන් වැලි පිටින් එහෙම්මම හිටියා නම්.
හැබැයි කෙල්ලෙක්ගෙ වගේ දිගේ කොණ්ඩෙ වැවෙන්න ගත්තොත් නම් මල කරදරේ වෙන්නෙ. ඒ නිසා ඉතින් අයියා කියන විදියට නාගන්න එක හොඳයි තමයි.

අයියත් එක්කම ඉඳලා මටත් දැන් එයාගෙ හිනා වෙල ලෙඩේ බෝවෙලානෙ. මොනවා කරන්න ගියත් හිනා යනවා.
අනික මාරම powerful වෙලා ඉන්නෙත් මං. එක විදියකට ඉන්නම බෑ කොහේ හරි දුවන්නම හිතෙනවා. එච්චරම ලොකු power එකකින් වැඩක් නොගෙන ඉන්න එක මාර අපරාදෙ.
ඉතින් මං බැල්කනියෙන් තාප්පෙට පැනලා ගෙවල්වල තාප්ප දිගේ දුවගෙනම ගියා අයියලගෙ ගේ ලඟට.
එතනින් එහා යන්න බෑ.
වීදුරු කටු ගහලනෙ.

"අයියේ!"
මං කෑගැහුවා.
වැඩක් නෑ. එයාට ඇහෙන්න නෑ.

ඉතින් මං එතනින් පාරට පැනලා ආයෙම ගෙදර දිව්වා.
ආයෙම තාප්පෙට පැනලා තාප්ප දිගේම අයියලගෙ ගේ ලඟට දුවගෙන ආවා.
කොච්චර කලත් වැඩක් නෑ.
මේ අයියාගෙන් මෙලෝම වැඩක් නෑ!
පොඩ්ඩක් බැල්කනියෙන් එලියට බැහැලා බැලුවා නම් මොකද වෙන්නෙ?

අන්තිමේ අම්මා ඈතින් එනවා දකිද්දි මං ගෙදර දිව්වා. පාරෙ ඉඳන්ම කනෙන් ඇදගෙන යනවා දැකලා අයියා තරහා වුනොත් එහෙම මාර කරදරේ. ඊට වඩා ගේ ඇතුලට ගිහින් ගුටි කන එක හොඳයි.

මානස (Completed)Where stories live. Discover now