31

628 122 152
                                    

"අයියේ...හ්!
අයියේ...හ්!!"

මං ගෙදර දිව්වෙ මුලිම්ම ඔලිම්පික් දිව්ව එකාටත් වැඩිය තදියමකින්. අර කැ# ඩිනාලයට නම් හොඳක් සිද්ද වෙන්න එපා දෙයියනේ මට මේ කරපු අපරාදෙට!
ඔය ගෑණි සෙට් වෙලා උගේ රිරී මාන්සෙම උරා බීපං!
මදි හරියට ඒකිගෙ වැඳිරි කඩමාල්ලියො ටිකත් ඌ පස්සෙම වැටියං!
ගෑණු හතක් බඳින්න වෙලා ඌට කනක් ඇහෙන්න නැති වෙලාම නහරයක් පුපුරලා මැරියං!

දුවලා දුවලා ගිහින් බලද්දි අයියලගෙ මිදුලෙ නම් එයා නෑ. පාරෙත් නෑ. ගෙයි කරුමෙටවත් අංකල් හිටියොත් මාත් ගෝරිලි පරම්පරාවෙ කියන්න පපුවටවත් ගහගෙන ගහගෙන ගිහින් ටාසන් වගේ කෑගහනවා කියලා හිතාගෙන මං ගේ ඇතුලටම දිව්වා. වෙලාවට කවුරුත් හිටියෙ නෑ හැබැයි.

"අයියේ...හ්!
අයියේ....හ්!!"

මට දැන් කෑගහන්න පණත් නෑ අප්පා!
දිව ගිලිලා මැරෙන්න වගේ. ඒත් ඉතින් මගේ බබාව හොයාගන්න වෙනවනෙ සේරටම කලින්.
නැත්තම් මෙයාව දැලේ දාගන්න නිදි මරාගෙන ගහපු ප්ලෑන් ඔක්කොම වතුරෙ!

"අයියේ...හ්!!
අයියේ....හ්!!!"

කොච්චර කෑගැහුවත් මගෙ පැටියා නෑනෙ. කාරෙකයි, බයිසිකලෙයි දෙකම ගරාජ් එකේ තිබුනා. මෙයාගෙ හැටියට පයින් ඇවිදගෙන කොහේවත් යයි කියලත් හිතන්න අමාරුයි.

කොහෙද අනේ එයා එතකොට ගියේ?
මේක වෙන්න බෑනෙ!
සමහරවිට වෙන floor එකකටවත් ගියාද?
ඒත් ඉතින් මට එහෙම වෙන වෙන තැන් අස්සෙ රිංගන්න යන්න බෑනෙ එයාට වගේ.
ඒ නිසා මං ඇඳ උඩින් වාඩි වෙලා දොර දිහා බලාගෙන භාවනා කරන්න පටන් ගත්තා.

මෙහෙම භාවනා කරලා රහත් වුනොත් නම් කිසිම අවුලක් නෑ. අයියගෙ හිත පාලනය කරලා මගේ ලඟට නිකම්ම ගන්න පුළුවන්.
එකාතකට සේරම දමලා ගහලා භාවනා පන්තියකට ගියා නම් හරි. බුදු හාමුදුරුවොත් ඔය යක්කු ඇත්තු අරුං මුං සෑහෙන කට්ටිය දමනය කරලා තියෙන එකේ එකේ මේ හුරතල් හා පැටියව දමනය කරගන්න එච්චර අමාරු වෙන එකක් නෑ.

අයියා playstation එකත් කාමරෙන් අයින් කරලා.
පව් මගේ පැටියා!
ලඟ හිටියා නම් බදාගෙන කිස් එකක් දෙනවනෙ හොඳ බබෙක් වුනාට. ඒත් ඉතින් ඔයා නෑනෙ.
කොහෙද ගියේ මගේ දිලිසෙන තරු පැංචො?

මානස (Completed)Where stories live. Discover now