9

818 189 166
                                    

"It Was Krypton That Made Me Superman, But It's The Earth That Makes Me Human.”

"There's Always A Way."

"It's About What You Do"

“You Will Be Different,
Sometimes You'll Feel Like An Outcast,
But You'll Never Be Alone.”

පපුව මැද්දෙ තියෙන පුංචි button එකක් press කලාම එක එක විදියට කතා කරන superman කෙනෙක්. ඇත්තටම රොබෝ superman කෙනෙක්. මොකද battery දාලා පුංචි switch එකක් on කලාම එයා ඇවිදිනවා.

මේක නම් මට ජීවිතේටම ලැබුන හොඳම තෑග්ග වෙන්න ඕනෙ. ඇයි අප්පා ආස වෙන්න කියලවත් මේ ලෝකෙ මෙහෙම දේවල් තියෙන බවක්වත් මං දැනගෙන හිටියෙ නෑනෙ. ඒ වුනාට එයා මාව හොයාගෙනම ඇවිත්.
මගේ superman!
නියමයි!
Supermanලා ඔක්කොම තුන් දෙනයි දැන්!

මෙහෙම තෑග්ගක් මට දීපු ඌරු අයියා තඩියට සලකන්න ඕනෙ අප්පා හොඳට. මිනිහා කියන්නෙම ඉතින් homework කරන්න කියලයි, ඉස්කෝලෙදි මොන වැදි බණක් ඉගැන්නුවත් පන්තියට වෙලා ඉන්න කියලයිනෙ. එහෙම එකේ Term test එකේ ලකුණු හොඳට තිබුනොත් මිනිහා තව ආස වෙයි. එතකොට සමහරවිට මට තව මේ වගේ අමුතු අමුතු ජාතියෙ තෑගිත් ගෙනල්ලා දෙයි. කොහොම හොයාගන්නවද මං දන්නෑ ඇත්තටම මේ වගේ එක එක සුපිරි ගණයේ ජාති. පුස් ඌරා කියලා බනින්න හොඳ නෑ ඒකට ආයෙ.
අද ඉඳන් අයියා කියලම කතා කරන්න ඕනෙ. නැත්තම් දෙයියොවත් කෝප වෙලා ඒකව මාත් එක්ක තරහා කෙරෙව්වොත්!

ඉතින් මගෙ අයියා පව් නිසා වෙනදට වඩා වුවමනාවෙන් පාඩම් වැඩ බලාගෙන අමාරුවෙන් හරි ටීචර් කියන මගුල් අහන් ඉන්න ට්‍රයි එකක් දෙන්නත් මං හිතාගත්තා. නින්ද යන එකයි එකම අවුල ටීචර්ස්ලගෙ හතරැස් වෙච්ච මූණු දිහා බලාගෙන ඉද්දි.
මූණක් නම් අඩුම ගානෙ පුස් ඌරු පාටටවත් තියෙන්න ඕනෙ.

අනිත් එක තමයි අයියා කොල්ලාගෙ උපන්දිනෙත් අහගන්න ඕනෙ. ඒකා මට මෙච්චර ගති තෑග්ගක් දුන්න එකේ හොටු පිහින ලේන්සුවක්වත් ගිහින් දෙන්න ඕනෙනෙ මාත්!





"අයියෙ thank you!
ඒ superman මාරම ගති!"

පහුවදා අයියා එනකල් මග රැකගෙන ඉඳලාම මං තෑග්ග වර්ණනා කලා. එතකොටනෙ ආයෙ ආයෙ මිනිස්සුන්ට දෙන්න හිතෙන්නෙ.
අයියා හිනා වුනා.
ඌ හිනා වෙද්දි මොකද්දෝ අමුතුම එකක් වෙනවා මූණට. බලාගෙන ඉන්න හිතෙනවා එතකොට. ලේසි නෑ ඉතින් හැම්, බේකන්, චීස් කාලම දිලිසෙන මූණුනෙ ඒවා.

මානස (Completed)Where stories live. Discover now