57

401 89 56
                                    

"අතෑරපිය හු#තෝ!!!"

මං කොච්චර හූ තිය තිය කෑගැහුවත් ජොනාගෙ යකඩ අතින් ගැලවෙන එක ලේසි නෑ.

"වරෙන් යන්න අසමත්ජාති බල්ලා!
තෝ කන්න දීපු අත නේද ප# හපා කෑවෙ?
උඹට යන්න එන්න තැනක් නැතුව, අනාථයෙක් වගේ වැටිලා ඉද්දි කවුද පිහිටට හිටියෙ කියලා අමතක වුනාද?"

ජොනා කෑගහන ගමන් මගේ බෙල්ල ටිකෙන් ටික තද කරනවා. මගේ ඔළුව පිච්චෙනවා වගේ දැනෙන්නෙ. ඇඟම පණ නැති වේගෙන යනවා.

"උඹේ අර සල්ලිකාර කොල්ලා ගැනත් අපි දන්නවා පො#නයෝ!!!
ඌ ගැනත් අපි මුල ඉඳන්ම හොයාගෙන හිටියෙ!
ඒකගෙ powers අරන්ද උඹ මේ හැටි නටන්නෙ ආ...?
බලාගෙන හිටපං!
ඌට ගේම සෙට් කරන්නෙත් මේ මමම තමයි.
ඒක කරන්නෙත් උඹේ ඇස් ඉස්සරහමයි.
එතකොට ඌ මැරිලා දිව්‍ය ලෝකෙ යයි..
උඹ මැරිලා අපායට යයි!
පව් අසරණයො දෙන්නා දෙපැත්තක තනිවෙයි.
හහ් හහ් හා..."

ජොනා කෑගහන්නෙ අළු ගෝසුවෙක් වගේ ඇස් දෙකත් රතු කරගෙන.

හැබැයි මං ඉක්මනටම මොනවා හරි කරන්න ඕනෙ දෙවියනේ!
මගෙ අයියා ගැන මුං මොනවද දන්නෑ හොයාගෙන තියෙන්නෙ?
බැරි වෙලාවත් ඒ අහිංසකයව මේවට අල්ලගත්තොත් එයාට මොනවා කරයිද කවුද දන්නෙ?
ඒත් දැන් කලබල වෙලා වැඩ කරන්න බෑ.
හොඳට හිතලා බලලා කල්පනාවෙන් තමයි වැඩ කරන්න ඕනෙ.

මං ජොනාගෙන් බේරිලා පැනලා දුවන්න හැදුවා. ඌව මැරිලම පලයං කියලා දෙකක් අනින්න හැදුවා. ඒත් වැඩක් නෑ.
මෙතන මට කිසිම බලයක් නෑ.
මාත් එක්කම මෙච්චර කල් එකට හිටපු එවුන් ඔක්කොම අද මට විරුද්ධයි.
දහයක් පහළවක් එකතු වෙලා මට ගහගෙන ගහගෙන යද්දි, ඇඟට පණක් නැතුව මං එහෙම්ම බිමට ඇදගෙන වැටුනා.
.
.
.
.
.
.
"මීරා!
කේමි!
ඔය හැම එකාවම පැන්නුවෙ උඹ නේද බල්ලෝ?!!!"

බෙල්ල මුලින්ම මාවත් අල්ලගෙන ආපු ජොනා විල්සනයා ලඟට තමයි මාව විසි කරලා දැම්මෙ.
මාව බිම දිගේ තල්ලු වෙලා ගියා.
එනකල්ම ගුටි කකා ආපු මට තවත් කෙලින් හිටගෙන ඉන්නවත් කතා කරගන්නවත් කොහොමත් පණක් ඉතුරු වෙලා නෑ.

"උඹ අර කොල්ලෙක් පස්සෙ වැටෙද්දි මට මීට වඩා හිතන්න තිබුනා.
ඒත් මං හිතුවෙ නෑ උඹ වගේ කුඩුකාරයෙකුට අහු වෙලා ජීවිතේ විනාස කරගන්න තරම් ඌ මෝඩයෙක් වෙන්නැති කියලා.
හැබැයි බලාගෙන යද්දි කෙල්ලො විතරක් නෙමෙයි මෝඩ, කොල්ලොත් අමුම අමු මෝඩයො.
පොත්තෙ රතට අහුවෙලා උන් උන්ගෙම වල කපාගන්නවා!

මානස (Completed)Where stories live. Discover now