6

998 201 152
                                    

"තඹරු! තඹරු!!!
ඔය ළමයට කන් ඇහෙන්නෙ නැද්ද?
ඉක්මනට නැගිටලා drill එක තියෙන තැනට යන්න!"

"ඒත් teacher මං drill එකේ නෑ.
මට ඒකට යන්න ඕනෙත් නෑ!"

Superman කියන්නෙ කෙල්ලො වගේ හිතෙන හිතෙන අතට ඇඹරෙන එකෙක් නෙමේ. ගැම්මට ඉන්න කොල්ලෙක්.
මොන නවනිංගිරාවක්ද මේ වෙන්න යන්නෙ!

"එහෙම කියලා බෑ ළමයො.
Drill එකට කොහොමත් ළමයි අඩුයි. එහෙම එකේ නම් දීපු ළමයින්වත් අයින් කරලා බෑනෙ.
ඉක්මනට ground එකට ගිහින් පණිවිඩේ අහගන්න දැන්."

"මං බෑ teacher!
මට ඒකට කැමතිත් නෑ. අනික මට නටන්නත් බෑ!"

"දැන් ආයෙම මට අම්මත් එක්ක කතා කරගන්න තියන්න එපා ළමයො!
අඩුම ගානෙ අම්මගෙ තත්වෙටවත් ගැලපෙන ඉන්න බලන්න. ඉස්කෝලෙ දේකට නැටුවා කලා කියලා කාටවත් පාඩුවක් වෙන්නෙනෑනෙ.
ඒ නිසා දැන් ඉක්මන් කරලා ground එකට ගියා නම් තමයි හොඳ!"

අන්තිමේ ඉතින් පන්තියෙ අනිත් එවුන් ටික මාව බලෙන්ම ඇදගෙන ground එකට ආවා. ඇවිත් බලද්දි මෙන්න බොලේ පුස් ඌරත් ඉන්නවා එතන. මාව දැකලා උගේ අර ඇද වෙච්ච වඳුරු කට ඉස්සුනා. දැන් මට තේරෙනවා මේ අසමජ්ජාති වැඩේ කරපු එකා මොකාද කියලා.
බලාගෙන හිටපං අයියෙ!
ඊලඟ දවසෙ උඹේ අර සයිකලේ දෙකට නවලා කුණු කාණුවට විසි කරන්නෙ.
උඹ හැප්පුනේ වැරදි මිනිහෙක් එක්ක!
ලෝක වීරයා වෙච්ච superman එක්ක!

කොහොම හරි ඉතින් මාත් එතෙන්ට වෙලා බලාගෙන හිටියා.
ඉස්සරහ ඉඳන් පුස් ඌරයි උගෙ යාළුවො ටිකයි නම් පාට පාට කොඩි වැලුයි, තොප්පි කෑලියි, ජං# කොටං ගැනයි කියවනවා පණ දමාගෙන. මට නම් වැඩක් නෑ ඔය මොන මගුලක්වත්. කොහොමත් මං මේකෙ නටන්නෑ. Supermanලා කවද්ද ජං# කොල්ලො එක්ක ආස්සරයක් තියාගත්තෙ.

"අම්මෙ, කවුදෝ මගෙ නම drill එකට දාලා. මං නම් යන්නෙ නෑ හැබැයි ඒකෙ නටන්න.
අපේ teacherටත් මං කියලා තියෙන්නෙ!"

ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආපු ගමන් මං අම්මට කිව්වා.

"ඇයි? මොකද වෙන්නෙ ඒකට ගියාම?
මේ ගේ අස්සෙ යක් නැටුම් නටන්න පුළුවන් නම් එතෙන්ට ගිහින් වැදගත් විදියට නැටුවා කියලා මොකුත් අඩු වෙලා යන්නෙ නෑනෙ!"

මානස (Completed)Where stories live. Discover now