78

396 96 97
                                    

අයියවත් උස්සගෙන කාරකට නැග්ග මං පිස්සෙක් වගේ ඩ්‍රයිව් කරගෙන ගියා.
වෙලාවට තාම පාන්දර නිසා පාරෙ ලොකුවට වාහන නෑ.
මොකද ට්‍රැෆික් ලයිට් කියලා නාමයක් මගේ ඔළුවට ගියේ නෑ.
හොස්පිට්ල් එක පැත්තට ගාලා කඩා ගත්ත හරකෙක් වගේ මං විදුලි වේගෙන් ගියා.
ඒ යන ගමන් ඉතිබිසෝ ගාතාව කිය කිය අයියගෙ හුස්ම වැටෙනවද බල බල ගියෙත්.
මොකද තව දුරටත් එයා ඇස් අරින්නෙවත් නෑ.
හරිම සනීපෙට ඇස් පියාගෙන ලස්සන පුංචි හා පැටියෙක් වගේ නිදි.

අනේ දෙවියනේ!
මේ දෙවෙනි පාර!
ආයෙ නම් මෙහෙම අත්දැකීමකට මූණ දෙන්න තරම් මං හයිය නෑ.
දැනටත් පපුව රිදෙනවා දරාගන්නම බෑ!

හොස්පිට්ල් එකට ආවට පස්සෙ මං අයියවත් උස්සගෙන ඇතුලට දිව්වෙ හීනෙන් වගේ.
පිස්සෙක් වගේ එතන කෑගහ ගහ මං එකම විකාරයක් කලා.
ඇයි දෙයියනේ එවෙලෙ මගේ අත් දෙක උඩ හිටියෙ මගේ මුළු ජීවිතේම.
අයියට මොනවහරි වුනා නම් එතනින් එහාට මාත් ජීවත් වෙලා මොකටද?

අයියව එවෙලෙම ඇතුලට අරගෙන නර්ස් කෙනෙක් ආවා මගෙන් විස්තරේ අහගන්න.
ඒත් මට කතා කරගන්න බෑ.
පිස්සෙක් වගේ අඬනවා ඇරෙන්න මට එකම එක වචනයක්වත් කතා කරගන්න බැරි වුනා.
ඒත් එහෙම බෑනෙ.
වෙච්ච සිද්දිය නොකිය අයියට වුනේ මොකද්ද කියලා එයාලට හිතාගන්න අමාරු වෙයි.
මං අමාරුවෙන් වචනෙන් වචනෙ ගැලපුවා.
ආපු නර්ස් කලබල වෙන්න එපා කියලා මගේ හිත හැදුවා.
මට වතුර එකකුත් ගෙනත් දීලා අයියව එයාලා හොඳින් බලන්නම් කියාගෙන යන්න ගියා.

ඉතින් වේටිං ඒරියා එක පුරාම මං ඔහේ ඉබාගාතෙ ඇවිද ඇවිද හිටියා.

අයියට මොකුත් වෙන්නෙ නෑ.
එයා කවදාවත් මාව දාලා යන්නෙ නෑ.
එයා හොඳින්!
එයා හොඳින්!
එයා හොඳින්!!

මන්තරේ වගේ මතුර මතුරම මං ඇවිද්දා.
පැය බාගෙකට විතර පස්සෙ ආයෙම නර්ස් කෙනෙක් ඇවිත් මට අයියව බලන්න යන්න පුළුවන් කිව්වා.
එවෙලෙ තමයි මං ආයෙම හුස්මගන්නවා කියලා මට දැනුනෙ.

"Ayye...h!
Ayye...h!"

අතට කට්ටක් ගහලා සේලයින් බෝතලයක් එක්ක හිටපු අයියව දැක්කමත් මට කතා කරගන්න පුළුවන් වුනේ එච්චරයි.
මගේ වචන, මගේ කටහඬ සේරම කවුදෝ අරගෙන ගිහින්.

මානස (Completed)Where stories live. Discover now