22

664 144 114
                                    

"Don't cry ayye.
I'll turn everyone that hurts you into dust.
So don't worry at all.
I love you a lot too..."

"I know snowdrop!
I know!
But let me take away all your worries too!
Remember, whatever it is,
I'm always always there for you!"

අයියා කිව්වෙ මගේ දිහාම බලාගෙන. ඊට පස්සෙ මගේ නලලටත් කිස් එකක් දුන්නා. ඒකට නම් මගෙ ඇස් දෙකත් පියවිලාම ගියා. අයියගෙ ඇඟ අස්සටම රිංගගන්න තිබුනා නම් කියලා මට එවෙලෙ හිතුනෙ.
ඒත් ඒක කරගන්න විදියක්නෙ හිතාගන්න බැරි තාම.

හැබැයි අයියා නම් අද වෙනදා වගේ නෙමෙයි. කවුරුහරි එයාව හොඳටම බය කරලා වගේ.

"How did you come ayye?
Why were you walking?"

"I came with my friend snowdrop.
But he had something else to take care of.
So I got down near the junction and walked this bit."

"Oh....
But hereafter don't come alone ayye.
Give me a call and I'll come there for you.
So I can walk you home and no one can trouble you!"

අම්මෝ ඇති යන්තං!
අයියා දැන් නම් ආයෙම හිනා වෙනවා.
දවස් ගානක් ටොයිලට් නොගිහින් ඉඳලා  අන්තිමේ කොහොම හරි තටමලා තටමලා ටොයිලට් එකට ගියා වගේ සනීපයක් දැනෙන්නෙ.

"Sure Snowdrop!
I'll keep that in mind.
But if someone came and kidnapped me, what are you going to do?
Can you at least carry me back home?"

ඒක නම් ඉතින් පොඩි ප්‍රශ්නයක් තමයි. ඒත් supermanට බැරි වැඩ නම් මේ ලෝකෙ නෑ.

"Well....
If I can't bring you back home,
I'll make you a new home there.
So don't worry ayye!
Just let me take care of everything."

දැන් නම් ඉන්නෙ වෙනදා ඉන්න හිනා අයියම තමයි. මෙයාව ඉක්මනට හිනාගස්සන්න පුළුවන් එක නම් සෑහෙන ලොකු දෙයක්. නැත්තම් ඉතින් හරහට වඩාගෙන නලවන්නත් බෑනෙ මට එයාව. ඔච්චරම ලොකු නොවී සෙහස්ගෙ ගානට හරි හිටියා නම් මොනවම හරි කරගන්න තිබුනා. ඒත් ඉතින් මෙයා දස මහා යෝධයෙක් වගේ උසයිනෙ.
ඒ අස්සෙ මටත් දෙයියො දීලා තියෙන්නෙ හූනු බෙට්ටක් විතර ඇඟක්. මොනා කාලා ලොකු කරගන්නද මන්දා අයියගෙ ගානවත් උස වෙන්න.

දැන් නම් අයියා මල් කුමාරයෙක් වගේ හිනා වෙවීමයි ඇවිදින්නෙ.
මේ වෙලාවට තමයි ඉස්සරහට කරන්න ඕනෙ දේවල් පෝලිමේ ඔලුවට එන්නෙ. ලොකු වුනාම රස්සාවක් කරලා මුලින්ම ගන්න ඕන ලොකුම ලොකුම ලොකු මල් පෝච්චියක්!
ඊට පස්සෙ ඒක ඇතුලට ලස්සන සැප කුශන් එකක් දාලා, වීඩියෝ ගේම් එකක් සෙට් කරලා, අයියවත් දානවා.
එතකොට හරි.
ගෙදරට ලයිට් ඕනෙත් නෑ.
ජනෙල් ඕනෙත් නෑ.
වෙන වෙන ලස්සන බඩු ජාති ඕනෙත් නෑ.
අයියට ඒක ඇතුලට වෙලා හිනා වෙවීම ඉන්න කියනවා.
එයාව අඬවන්න හදන හැමෝමව මං fight කරලා කරලා විනාස කරලා දානවා.

මානස (Completed)Where stories live. Discover now