28

667 143 217
                                    

මට ඇහැරුනේ තදම තද ඔළුවෙ කැක්කුමක් එක්ක. අම්මෝ දෙයියනේ! ඊයෙ රෑ යුද්ධයක්වත් කරලද මන්දා ඇවිත් තියෙන්නෙ.
ඇස් දෙක ඇරගන්නත් බෑ.

මං නලලත් අතින් පොඩි කරගෙන අත් එහාට මෙහාට කලේ ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න.
හරිම සනීප සිනිඳු තැනක්!
මං ආසම කරන සුවඳක්!
අයියා!
ඒ කොහොමද ඒ?
ඊයෙ රෑ මොකද වුනේ?
මං මැරිලා දිව්‍ය ලෝකෙවත් ඇවිල්ලද?

ඒ වුනාට ඊයෙ පිස්සෙක් වගේ බීපු හැටි එකපාරටම මතක් වෙද්දි නම් ඔළුවෙ කැක්කුම වැඩි වෙලා මට කෑගැහෙන්නත් ආවා.
බැරි බැරි ගානෙ ඇස් අරිද්දි ආපු එලියට මාව නිලංකාර වෙලා ගියා.

ඒත් ඉතින් නිලංකාර නෙමෙයි භයංකාර වුනත් ඉන්න තැන බලාගන්න ඕනෙ. බේබද්දා වගේ බීලා ලැජ්ජ නැතුව ගෙදරත් ඇවිල්ලා නම්, දැම්ම ඇඳුම් ටික pack කරගෙන හිඟාකන්න හරි යන්න වෙනවා.

ඒ වුනාට මේ ගෙදර නෙමෙයි.
දන්නෙම නැති අලුත්ම තැනක්!
ලස්සන පුංචි කාමරයක්!
හෝටලේක වගේ.
සුදු පාට බෙඩ් ශීට් එකක් දාපු සැපම සැප ඇඳක්!
මං කොහොමද මෙතෙන්ට ආවෙ?
අවයව ජාවාරම්කාරයෙක්ටවත් මාව අහු වෙලාද?

බැරි බැරි ගානෙම මං ඇඳෙන් නැගිටගන්න බැලුවෙ. අවයව දන් දෙන්න තියා ඒවයින් හරිහමං ප්‍රයෝජනයක්වත් ගන්න බැරි වුනා තාම.
ඒ වුනාට නැගිටගන්න තියා හිතන්නවත් බෑ. ආයෙම ඇඳ කඩන් වැටුනා මාව මොකාද වගේ!

අනේ අම්මේ!!!
මොන මගුලකට අප්පා මං එච්චර බිව්වෙ???

"Snowdrop!
Are you awake?"

අයියගෙ කටහඬ කාමරේ ඇතුලෙන් ඇහෙද්දි නම් මට ඔළුවෙ කැක්කුමත් අමතක වෙලා එහෙම්මම ඇඳෙන් ඉන්දුනා.

"ආ..හ්!"

අම්මෝ!!!
මට බැරියෝ!!!
අනේ මගේ ඔළුව ගලවලා දාන්න එකෙක් නැද්ද දෙයියනේ!
මට මේ ඔළුව එපා!

"Does it hurt?
Come, let's have a bit of this soup.
It's good for hangovers.
Then we can have some painkillers too!"

අයියා තඩි කෑම tray එකකුත් උස්සගෙන මගේ ලඟ ඉන්නවා.
මේක වෙන්න පුළුවන්ද?

"Ayye???"

"Mm....
Don't talk Snowdrop.
It'll make the headache worse.
Lie down and keep your eyes closed.
I'll feed you, so you only have to open your mouth."

මානස (Completed)Where stories live. Discover now