52

459 97 59
                                    

"You are the most valuable thing in my world ayye!
So I want to protect you from anything and everything!
Even from me...!"

මං කිව්වෙ ඇස්වල කඳුළු පිරිලා අයියව බොඳ වෙලා යද්දි.

මට දුකයි!
ඒ ඉස්සර ලස්සන කාලෙ අපිට කවදාවත් ලැබෙයිද අයියෙ?
ඔයාව හිතේ හැටියට බදාගෙන හිතෙන හිතෙන වෙලාවට kiss කරන්න!
ඔයාව මගේම කරගන්න අවුරුදු 18ක් වෙනකල් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න!
ඒ හැමදේම හීනයක් විතරක්ම වෙලා යයිද?

මං අයියගෙ ලඟින් හෙමීට එහාට වුනා.
අපි දෙන්නා මෙහෙම ලං වෙන එකෙන් මං අයියට තවත් රිද්දනවද මන්දා.
කවදාවත්ම මට එහෙම කරන්න ඕනෙ නෑ.

අපි දෙන්නා කසාද බඳිමු, බැඳලා uk යමු කියලා කොච්චර හීන මැව්වත් ඒක ඇත්තටම කරන්න අපිට පුළුවන් වෙයිද අයියෙ?
මගේ ඇඟ ඇතුලෙ මොකක්ම හරි ලෙඩක් තියෙනවා නම් මට ඔයාට ලං වෙන්න බෑනෙ.
ලං වෙලා ඔයාගෙ ජීවිතෙත් කාලකණ්ණි කරන්න බෑනෙ.

මං නැතත් ඔයා හැමදාමත් සතුටින් හිනා වෙලාම ජීවත් වෙන්න ඕනෙ.
එතකොට මට කොහේම හරි තැනක ඉඳන් ඔයා දිහා බලාගෙන ඉඳලා සතුටු වෙන්න පුළුවන්.
ඈතක ඉඳලා හරි ඔයාව හැම කරදරේකින්ම නපුරකින්ම කොහොම හරි බේරගන්න බලන්නත් පුළුවන්!

ඒත් එකපාරටම මගේ අත අයියගෙ අතට තදම තද වුනා.
අයියා එච්චර හයිය ඇති කියලා මං දැනගෙන හිටියෙ නෑ.
මාව ඇදිලා ගිහින් හිර වුනේ බිත්තියෙයි අයියගෙයි අතර මැද්දට.
දැන් මං ඇත්තටම sandwich එකක බටර් කුට්ටියක් වෙලා ඉන්නෙ.
තද වෙලා!
දිය වෙලා!

ඊලඟට අයියගෙ තොල් දෙක මගේ තොල් වලට තද වුනේ විදුලියක් වගේ.
හරිම ඉක්මන්!
හරිම aggressive!
ඒ වගේම හරිම පිස්සු හැදෙන feeling එකක් එක්ක.

මට හුස්ම ගන්නවත් ඉඩක් ලැබුනෙ නෑ.
මගේ බෙල්ල පිටිපස්සෙන් එක අත දාගත්ත අයියා අනික් අතින් මගේ ඉනෙන් අල්ලලා මාව එයාටම තද කරගත්තා.
දැන් මං ඉන්නෙ එයාගෙ අස්සෙමයි!
හරියට අපි දෙන්නා එකම ඇඟක් බෙදාගෙන වගේ.

දැන් නම් මේ බටර් කුට්ටිය දිය වෙලා වැක්කෙරෙන්නයි යන්නෙ.
මගේ ලස්සන පාන් පෙත්ත.
ඔයා මාව සම්පූර්ණයෙන්ම උරා ගන්නවා නේද?

ඉතින් ඊලඟට මගේ හැම වේදනාවක්ම,
ප්‍රශ්නයක්ම එයා ලඟට ඇදලා ගන්න වගේ මගේ තොල්, කට, දිව පුරා හැමතැනකම අයියා ආදරෙන් නාවන්න පටන් ගත්තා.
ඒක පුදුම kiss එකක් දෙවියනේ!
ආදරේ!
තරහා!
අයිතිවාසිකම!
දුක!
බලාපොරොත්තු!
ශක්තිය!
Sexual feelings!
මේ ඔක්කොම ඒ kiss එක අස්සෙ කැලතුනා.
මාව පිස්සුවෙනුත් පිස්සුවටම වැට්ටුවා.

මානස (Completed)Where stories live. Discover now