71

385 83 149
                                    

අයියා පිස්සෙක් වගේ මාවත් උස්සගෙන කාරෙකට දිව්වා.

"Ayye..
I'm ok!!!
It must be a small wound!"

මං කොච්චර කන ලඟ ඉඳන් බෙරිහන් දුන්නත් එයාට ඇහෙන්නෙ නෑ.
හොඳටම දාඩිය දාලා,
ඇස් දෙක පීරිසි දෙකක් විතර ලොකු වෙලා,
මොකෙද්ද වගේ එයා දුවනවා!
දුවනවා!!!

ඇත්තටම මාවත් උස්සගෙන එයාට දුවාගන්නත් බෑ.
දෙන්නම පයින් ගියා නම් මේ වෙද්දි කාරෙකට ගිහින්.
කෝ ඉතින් කිව්වට අහන එකක්යැ!
මං බිමට පනින්න දඟලද්දි උස්සලා තවත් ටිකක් ඇඟට හිර කරගන්නවා.

"Don't worry!
Don't worry!!
Nothing's gonna happen to you.
I'll make sure everything's ok patiyo..
Please stay with me!
Please stay with me!!"

අනේ දෙයියනේ මෙහෙම ගිහින් මේ මනුස්සයට මොකක් හරි වෙයි කියලා මට බය.
ඇත්තටම අර ජොනාගෙ ලේද දන්නෙත් නෑ මගේ ඇඟේ ගෑවිලා තියෙන්නෙ.
කොහෙද ඉතින් ඒක බලාගන්නවත් නෑනෙ මේ මිනිහත් එක්ක!

බඩයි, අතකුයි ලාවට වගේ රිදෙනවා හැබැයි.
ඒ ඉතින් අරුත් එක්ක පොර බදලා වෙන්නත් පුළුවන්.
අනේ මන්දා දැන් ඉසිපිරිතාලෙකටත් උස්සං ගිහිල්ලා ඇඳුම ගලවලා බලද්දි එයාගෙම දත්පාරවල් ඇරෙන්න වෙන මොනවත් ඇඟේ නොතිබුනොත් මොනා කරන්නද කියලා.
හාවටයි මටයි දෙන්නටම වැලලිලා මැරෙන්න තමයි වෙන්නෙ.

දුවලා දුවලා දුවලා ගිහින් අයියා මාව පරිස්සමට අළුත උපන් බිළින්දෙක් වගේ කාරෙකෙන් තිබ්බා.
ඊට පස්සෙ තමයි මට ශර්ට් එකවත් උඩට ඇදලා බලාගන්න පුළුවන් වුනේ.
පොඩ්ඩක් බඩ ලඟින් කැපිලා තමයි වෙලාවට!
නැත්තම් අර මනුස්සයා නැහිච්ච හැටියට ජාපාල ඇට කන්න වෙන්නෙ.
තුවාලෙන් ටිකක් ලේත් එනවා.
හැබැයි බඩවැල් නම් පේන හැටියට එලියට ඇවිත් නෑ.
ඒ කියන්නෙ ලොකු අවුලක් නැතුවැති.

"Oh! Snowdrop!
Does it hurt a lot?"

ඔන්න ඉතින් මෙයා අනික් පැත්තෙන් ඇවිත් තුවාලෙට එබෙනවා.

"I've had worse wounds ayye.
This is nothing.
Not even worth a scratch!"

ගැම්මෙන් මං කිව්වෙ.
හාවා වුනත් දැනගන්න ඕනෙ එයා ඉස්සරහා පොඩ්ඩක් හුරතල් වුනාට තඹරු සිරා වැඩ්ඩෙක් කියලා.
පොඩ්ඩක් ඉතින් රිදෙනවා තමයි.
හැබැයි ඒක හාවට දැනගන්න දෙන්න ඕනෙ නෑ.

මානස (Completed)Where stories live. Discover now