54

424 89 38
                                    

"You are the strongest boy in the whole world patiyo,
So I know whatever the things we have to go through we are gonna make it.
Let's hold our hands tight!
And that only would be enough to overcome all the obstacles in life.
As long as I have you and you have me,
All else is just insignificant and unimportant.
We are enough my Snowdrop!
You and me are more than enough!"

Hospital එකේ waiting area එකේ ඉඳගෙන ඉන්න ගමන් මගේ ඔළුව එයාගෙ උරහිස උඩ තියාගෙන අයියා හෙමීට මුමුණනවා.
සැරින් සැරේට එයාගෙ තොල් දෙක මගේ ඉස්මුදුනට තද වෙනවා.
එයාගෙ ඉණ වටේට අත දාගෙන මං එයාව තවත් ටිකක් මගේ ලඟටම ලං කරගන්නවා. ඒ උරහිසට මගේ තොල් තද කරනවා.

ඔව් අයියේ!
මට නම් ඔයාව ඇරෙන්න වෙන කිසිම දෙයක් ඕනෙ නෑ.
පාරක අගු පිලක වුනත්, දවස් ගනන් කෑමක් බීමක් නැතුව වුනත්,
ගහන්න පන්නන මිනිස්සු අස්සෙ වුනත්,
ජීවත් වෙන එක මට මහා ප්‍රශ්නයක් නෙමෙයි.
ඒත් ඔයාට එහෙම ජීවත් වෙන්න ඉඩ දෙන්න මට කවදාවත්ම බෑ.
ඔයා කුමාරයෙක්!
ඔයා ජීවත් වෙන්න ඕනෙ රජ මාළිගාවක.
ඉතින් ඔයාට ගැලපෙන ඔයාගෙ රජ මාළිගාව හදන්න මං අද ඉඳන් හැමදාමත් මහන්සි වෙන්නම්.
රෝස මල් අතුරපු පාරක් දිගේ කවදාහරි දවසක ඔයාගෙ අතින්ම ඒ මාළිගාවෙ දොරවල් ඇරවන්නම්!

කිසිම දෙයක් නැතුව අන්ත අසරණ වුන මේ හිඟන කාලකණ්ණියා දිහා ලෝකෙ තියෙන වටිනම දේ විදිහට බලන්න පුළුවන් ඔයාටම විතරයි.
ඔයාගෙ ආදරේටම විතරයි.
ඉතින් හැමදාමත්ම මගේ මුළු ජීවිතේම ඔයා වෙනුවෙන් විතරක්ම වෙන් කරන්න මට ඉඩ දෙන්න මගෙ අයියෙ.
ඔයා තමයි මනුස්සයෙකුට ලැබෙන්න පුළුවන් ලොකුම වගේම හොඳම තෑග්ග!
.
.
.
.
.
.
.
.
"පරිසරය තමයි මේ වගේ ඇබ්බැහිකම් වලින් මිදෙන්න ගොඩක්ම බලපාන්නෙ.
ඒ සුපුරුදු පරිසරයෙන්, යාළු මිත්‍රයන්ගෙන් ඈත් වෙන එක තමයි ප්‍රධානම දේ.
සාමාන්‍ය ජීවිතේදි ඒක කරන්න අමාරුයි නම් rehabilitation center එකකට ගිහින් ප්‍රතිකාර ගන්නත් පුළුවන්."

Doctor තත්වෙ විස්තර කරලා දෙද්දි මං අයියා දිහා බැලුවා.
ඔයාව දාලා මාස ගාණක් කොහේවත් ගිහින් ඉන්න නම් මට බෑ අයියෙ.
මං නෑ කියලා දැනගත්තම ඔයාට අරුන් කරදරයක්වත් කරයිද කියලා කවුද දන්නෙ?

"Doctor,
At first can we try without going to a rehabilitation center?
If it fails we'll come back."

අනේ ඉතින් මගේ අයියා බබා,
එයාට මට ඕනෙ දේ ටක් ගාලා තේරෙනවා.
පොඩ්ඩක් මූණ ඇඹුල් කරලා එයාගෙ දිහා බලන්න විතරයි තියෙන්නෙ.

මානස (Completed)Where stories live. Discover now