55

458 90 148
                                    

"මීරෝ!!!
උඹ මා එක්ක තරහින්ද?"

දවස් ගානක් තිස්සෙ මීරා මාව මගාරිනවා. ඒක මට නම් ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි.
ඒත් ඉතින් මොනා වුනත් ඌ මාත් එක්කම මෙච්චර කලක් හිටපු එකානෙ.
ඌ මං නිසා හිතේ අමාරුවෙන් ඉද්දි ඒක නොදැක්කා වගේ ඉන්න බෑනෙ.

"උඹත් එක්ක තරහා වෙන්න මට පුළුවන් වුනා නම් මං මෙහෙම ඉන්නෙ නෑනෙ බං.
උඹත් එක්ක තරහා වෙන්න බැරි එකයි මට තියෙන ප්‍රශ්නෙ!"

"මොකද්ද යකෝ උඹට වෙලා තියෙන්නෙ?
ඇයි හැම මගුලටම පොල්ලෙන් ගහන්න වගේ උත්තර දෙන්නෙ?
උඹ මේ මල මගුලක් ඇදලා ගන්න කලින් අපි කොච්චර හොඳින් හිටියද?
ඇයි අපිට ඒ වගේ ඉන්න බැරි?"

මීරා කතා කලේ නෑ.
ඌ දැන් ඇත්තටම කතා කරන්නෙම නෑ.
ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා.

"උඹ ඊයෙ රෑත් ගියාද?
ඇඟට අමාරුද?"

"ඇඟේ අමාරු නම් මොනවද බං?
හිතේ අමාරුනෙ දරාගන්න බැරි."

මීරා කතා කරන්නෙම නුහුරට.
ඒත් ඉතින් මට කරන්න දෙයක් නෑනෙ.
මට මූව නලව නලව ඉන්න වෙලාවකුත් නෑ.
මේ දවස් ටිකේ කරගන්න සෑහෙන වැඩ තියෙනවා.

අයියගෙ birthday එක plan කරගන්න ඕනෙ.
අනික ටික කාලෙකට අතුරුදහන් වෙන්න පොටක් පාද ගන්නත් ඕනෙ.
ඒ අස්සෙ විල්සනයගෙ පව් වලට කරගහලා, සැකයක් නොහිතෙන්න මෙතන ඉන්නත් ඕනෙ.
ඉතින් දවසකට පැය හැටක් විතර ඕනෙ මට්ටමේ මං ඉන්නෙ.

"උඹට ඕනෙ මගුලක් කරගනින් හු#තො!
තෝ එක්ක කතා කරලා පලක් නෑ.
උඹ හරියට කතා කරන දවසක ආයෙම මං එන්නම්."

මීරට පයින් පාරක් දීගෙනම මං කුඩු කාමරේ අස්සට රිංග ගත්තා.
අයියා මට syringes set එකක්ම අරන් දුන්නනෙ.
ඒ නිසා අනුන්ගෙ මගුල් වලින් විදගන්න ඕනෙ නෑ මට.
ඒත් දැන් මං විදින්නෙ නෑ.
අදිනවා විතරයි.
අයියා මෙච්චරම මං වෙනුවෙන් මහන්සි වෙද්දි, මං ගැන හිතද්දි එයාගෙ ආදරේ සෙල්ලමකට ගන්න බෑ මට.
බෙහෙත් පටන් නොගත්තත් මං දශමෙන් දශමෙ හරි මේවා අඩු කරන්න බලන්න ඕනෙ.

ඊට පස්සෙ මං විල්සනයව හම්බවෙන්න ගියා. උගේ සල්ලි ගන්න වැඩ ටිකකට යන්න වුනා ඒ පාර. මෙවුන්ට නම් නෙලන්න දුකක් නෑ.
විල්සනයා වගේම එපාම කරපු එවුන් ටිකක් මේ.
උන්ගෙ ලඟ තිබ්බ සල්ලි ටික සේරම හූරගෙන ගිහින් මං ආයෙම විල්සනයට දුන්නා. මගේ ගාන ලැබුනම සුපුරුදු පරිදි ඉතින් කුඩු පැකට් එකකටම ඒක පූජා කලා.
දැන් මගේ මෙතන වැඩ ඉවරයි.

මානස (Completed)Where stories live. Discover now