19

764 165 195
                                    

"Couldn't leave a cute little puppy!"

අයියා කියද්දි මට දුක හිතුනා.
මංවත් ගිහිල්ලා බැලුවෙ නෑනෙ බලු කොල්ලව. එයා සෙල්ලම් කරන්න කෙනෙක් නැතුව දුකෙන් ඉන්නැත්තෙ.

"Snowyට මොකුත් වෙලා නෙමෙයි නේද?
එයා හොඳින් නේද?"

"Hmm..Yes,
He's ok.
But I didn't stay for Snowy.
I stayed for the cutest snow drop ever!
For the snow drop named after a lotus!
My cute little white lotus!"

අයියා නම් හිනා මලක්ම තමයි.
එයාට කටක් ලැබිලා තියෙන්නෙ හිනා වෙන්න විතරයි.
කන්න බොන්නත් පාවිච්චි කරන්න පුළුවන් ඇති ඕන නම්.
ඒත් ඒ කටින් කතා කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. එහෙනම් මූණ වටේ රෙද්දක් බැඳගෙන වගේ තමයි කතා කරන්න ඕනෙ.
මොකද කියන දෙයක් ඔළුවට යවා ගන්න විදියක් නෑනෙ ඒ මූණෙ ලස්සන බලනවා මිසක්!

කොහොම හරි මොනවම හරි වෙලා ඔයා ආයෙම ආවනෙ ඉතින් අයියෙ. ඒ ඇති හොඳටෝම මට.
මං එහෙම්මම නැවිලා අයියගෙ කම්මුලට කිස් එකක් දුන්නා.
හිතලම නෙවෙයි ඉතින්.
නොදී ඉන්න බැරි වුනා එහෙම හිනා වෙද්දි.
කොහොමත් අයියා ඉතින් ගෑණු ළමයා වගේ අඬන කොල්ලෙක්නෙ. ඒ නිසා කිස් එකක් දුන්නට කමක් නෑ.

ඒත් ඊලඟට අයියා මගේ කම්මුලටත් කිස් එකක් දුන්නා. ලැජ්ජයිත් එක්ක ටිකක්.
කොල්ලො මෙහෙම කිස් කරගන්නවද අප්පා!
අනික මේ පාර මැද්දෙ.
මං අත් දෙකෙන්ම මූණ වහගෙන අයියගෙ බෙල්ල අස්සට මූණ ඔබා ගත්තා.

සුවඳයි ඉතින්!
මෙයා නම් මේ ගෙදරටත් සෙන්ට් පවුඩර් දාගෙනද කොහෙද ඉන්නෙ කවුද වගේ!
මල කෝලං!

අයියා ඒ අස්සෙ මගෙ ඔළුවත් කිස් කරනවද කොහෙද?
දාඩියයි දාලා ගඳත් ඇති මං.
අන්තිමට නෑවෙ කවද්ද කියලා මතකත් නෑ.
මං හෙමීට දඟලලා බිමට බහින්න හැදුවෙ. ගඳ ඉවසගන්න බැරුව ඊලඟ ප්ලේන් එකේම නැගලා මෙයා යන්න ගියොත්!

"You are too heavy now!
My back hurts when you move!"

දඟල දඟල හිටපු මාව බිමින් තියන ගමන් අයියා සීයා කෙනෙක් වගේ කොන්ද අල්ලගෙන කෙඳිරි ගානවා.

"Ok, don't worry!
I'll carry you ayye!
Come!
Climb on my back!"

අයියා ගාව ඉස්සරහට ගිහින් බිමින් වාඩිවෙන ගමන් මං කිව්වෙ.
පොඩි කාලෙ ලුණු ගෙනිච්චා වගේ උස්සගෙන යන එකනෙ! Supemanට බැරි වැඩ නෑ මේ ලෝකෙ!

මානස (Completed)Where stories live. Discover now