10

857 187 119
                                    

"It's in January.
January 18th.
My birthday!
But can I have my gift early?
Can I have it in December?
Will you give me your best marks in the term tests?"

මාව හෙමීට ඇදලා අරන් එයාගෙ ලඟින් වාඩි කරවගන්න ගමන් අයියා අහනවා. අයියා මෙහෙම වාඩි කරවගත්තට අම්මා ආවොත් නම් ගුටි කන්න වෙන්නෙ මඩ නාගෙන ගේ ඇතුලට ආවා මදිවට පුටුවලත් වාඩි වෙලා කියලා.

"Now can you bring me your towel?"

අයියා ආයෙත් අහනවා. මං ගොළුවෙක් වගේ එයා කියන කියන ඒවට ඔළුව වනනවා. Towel එක නම් මං කොහොමත් බාතෲම් එකේම තමයි තියලා තියන්නෙ. නැත්තම් වතුර පිටින් හෙළුවැල්ලෙන් ගේ මැද්දෙ දුවන්නනෙ වෙන්නෙ හැමදාම නාලා ඉවර වෙලා.


අයියා මගේ ඔළුවත් පිහි දැම්මා.
සනීපයි මාරෙටම!
මට දැන් නිදිමතයි!

"Once it finishes raining we can check for your stuff.
Till then don't go out, ok?"

ඔළුව හෙමින් හෙමින් පිහිදාන ගමන් අයියා කියන්නෙ.

"ඒත් ඒවා අරන් ගියොත් කවුරුහරි දැකලා?"

"Trust me little thief!
We'll get all those back!
I promise!
Maybe your mom didn't throw them afterall! Maybe she just tried to scare you!
So let's wait and see.
But somehow we'll find all that back!"

"මං කොහොමහරි අයියා දීපු ටික ඔක්කොම නම් බේරගත්තා. නැත්තම් ඒ ටික තමයි අම්මා මුලින්ම ගත්තෙ!"

ඔන්න එතකොට අයියගෙ අර ලස්සනම හිනාව තමයි එයා දාන්නෙ. මැජික් හිනාව!
බලාගෙනම ඉන්න හිතෙන හිනාව!
එහෙම කොහොමද එයා හිනාවෙන්නෙ?
මටත් ඕනෙ ඒ වගේ හිනාවෙන්න ඉගෙන ගන්න. එතකොට කාටවත් මට බනින්නයි ගහන්නයි බැරි වෙයි.
මං ඉල්ලන ඕනෙම දෙයක් කරලා දෙන්න හිතෙයි.

"Good boy!
I'm so happy!
But make me more happy ok?
Give me the best birthday present ever!

Mmm.. I have to go now, it's almost 5.
Don't go out again. It's getting dark.
Wait for your mom and try talking with her.
If you don't find your things by tomorrow, I'll help you.
Bye little thief!
Change your clothes and stay warm!"

මගේ ඔළුව අතගාගෙනම අයියා ගියා. එක පාරටම මාව වෙව්ලලා ගියා. සීතලයි දෙයියනේ ඉන්න බෑ.
එහෙම්මම බාතෲම් එකට පැනලා මං නාගෙනම එලියට ආවා.

ඊට පස්සෙ පොත් ටිකත් ඇදගෙන මොනා මොනා හරි කරන්න පටන් ගත්තෙ. ඇත්තටම මොනවා කරන්නද කියලා දන්නෙත් නෑ. හෙට ඉස්කෝලෙ ගියාම කාගෙන් හරි අහලා බලන්න ඕනෙ මොනවද ඉගැන්නුවෙ කියලා. දැනට පොත් ටික නිකං කියවගෙන ගිහින් බලනවා ඔන්නොහේ.

මානස (Completed)Where stories live. Discover now